..
අදත් ඊයේ තරම් නැතත් මාළු තොග තරමක් දුරට මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත් තිබුනේ
වැඩිපුරම ඇවිත් තිබුනේ දැල්ලා සහ ලින්නා.
කාලෙකට පස්සේ සාලයා මාලු වල මිල බැහැල වගේ තමයි පේන්නේ.
පහුගිය දවස්වල 800ක් වුන සාලයා මාළු අද රු 500ට බැහැල.දැල්ලෝ රු 1000යි
ලින්නා රු 800යි.
වෙනදා රු 1200 වෙච්ච අලගුඩුවෝ අද කිලෝවක් රු 800යි
බලයොත් ටිකක් අද තියෙනව.කිලෝ එකක් රු 900යි.
සාමාන්‍යයෙන් ගෙවල් වල කෑමට මාළු ගන්න එන අය වැඩිපුර අද එනවා.
මොකද අද තමයි එයාලට තරමක හරි නිවාඩුවක් තියෙන්නේ.
බල්ලන්ට පූසන්ට සාලයෝ නැතුව හිටපු අය අදත් වැඩිපුර එයි.

















