මිගමු නගරයේ අනවසර ඉදිකිරිම් ප්‍රශ්ණය කඩිනමින් විසඳයිද?

0
26

 

මිගමුවේ නව මාලිමා පාලනය මුහුණ දෙන එක් ප්‍රධාන අභියෝගයක් වනුයේ මිගමුව නගරය තුලත් ඉන් පිටතත් ඇති අනවසර ඉදිකිරිම්ය.

පෙට්ටි කඩ ප්‍රමාණයේ  සිට දෙමහල් ගොඩනැගිලි පවා මේ අනවසර ඉදිකිරිම් ගණයට වැටෙන තැන්  මිගමුව නගර තුල පිහිටා තිබේ.

නව කාරක සභා දැන් ආරම්භ වි තිබේ.
මේ අනවසර ඉදිකිරිම් පිලිබද කඩිනම් මැදිහත්විම් ආදාල කාරක සභා මගින් සිදුවනු ඇතැයි කාගේත් විශ්වාස වි තිබේ.

මිගමුව බස් නැවතුම ඉදිරිපස දුම්රිය පාර සමිපයේ ඇති පෙට්ටි කඩයක් වැනි තැන අනවසර ඉදිකිරිම් ලෙස  අප මුලින්ම නිරික්ෂණය කර තිබුනේ මිට මාස කිපයකට පෙරය.

එ ගැන අපගෙ පලමු ඡායාරූපය මැයි 11 වනදා සවස් වරුවේ ලබාගෙන තිබුණි.

මේ අනවසර කඩය ඉදිරිපිට ඇති සපත්තු කඩය කරගෙන යන යාම සඳහා කොමසාරිස් පාලනය ආරම්භ විමට පෙර මිගමුවේ කුප්‍රකට දේශපාලකයෙකුහට රු ලක්ෂ 2 ක් අත යට ලබා දි ඇතැයි වාර්තාවිය.

මේ ආකාරයෙන් මිලියන ගණන් වලින්ද සිදුව ඇති අත යට ගණුදෙනු අනවසර ඉදිකිරිම් වෙනුවෙනි.

මේ සකලාකර දුෂණ වංචා වලට එරෙහිව කඩිනමින් දැන් නීතිය ක්‍රියාත්මක කළහැකිව ඇත්තේ ඒවා වලක්වාලිමට එදා කටයුතු කළ නගරාධිපතිලා වෙනුවට නිතියට අනුව කටයුතු කිරිමට ජනතාව ඉදිරයේ සපථ කළ නගරාධිපතිවරයෙකු දැන් මිගමුවට සිටිමද නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here