මිගමුව නගරාධිපති නිතිඥ රොබට් හීන්දගේ පුද්ගලික ලේකම්වරයා ගැන මේ වන විට චෝදනා කිපයක්ම මහනගර සභාවේ විවිධ තරාතිරිම් වල අය අතර කතා බහට ලක්වෙමින් ඇතැයි වාර්තාවේ.
මුදල් කාරක සභාවේ රැස්විමේදි අදාල නිලධාරියාට විවිධ ප්‍රශ්ණ කිරිම් වලට කිසිදු ඉඩක් පළාත් පාලන නිතිය තුල නැතැයි වසර ගණනාවක් මිගමු මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසින් කටයුතු කල අයෙකු අප වෙත පවසා සිටියේය.
එහෙන්ම ගණකාධිකාරිවරයා ඇතුලු තවත් ප්‍රධාන නිලධාරීන්ටද මේ පුද්ගලයා උපදෙස් දෙන්නටත් ප්‍රශ්න කරන්නටත් පටන් ගෙන අතැයි යන චෝදනාවක්ද මේ අතර පවති.
කෙසේ වෙතත් මාලිමාවේ බහුතරයක් දෙනා මේ වන විටත් තැන නොතැන නොදැන ඉර පැන පළාත් පාලන නීතියටත් පටහැනිව කටයුතු කරන බවට වන පොදු චෝදනාවක්ද පවති.
මෙය සැබැවින්ම නරක තත්වයකි.මිගමුව තුල පැවති පවුල් පාලනය පෙරලා දමා ජනතාව බලාපොරොත්තුවුයේ යහපාලනයකි.
මෙවැනි ගොන් පාට් නොවන බව මේ අයට තේරෙන බාසායෙන්ම කියා දිම අදාල බලධාරින්ගේ වගකිමකි.
එපමණක් නොව විපක්ෂයට ඩෑෂ් ගැසිමට බෝල උස්සා නොදිමට මේ අය වගබලාගත යුතුව තිබේ.
නිමල් ප්‍රනාන්දු












