මිගමු මාලිමාවේ පලවෙනි වැඩේම රිවස්! දිවුරුම් දිම කල් යයි!

0
149

 

මිගමු මාලිමාවේ මන්ත්‍රී මණ්ඩලය දිවුරුම් දිම හෙට (24) පෙරියමුල්ලේ ඹලැන්රෝ හෝටලයේදි සිදු කිරිමට සියලු කටයුතු සංවිධානය කර තිබුනේ එයට අදාව මුලික නීතිය ගැනවත් අවබෝධයක් නැතිව බව දැන් පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් අප අමතා කථා කළ මිගමුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ගැසට් නොකර තිබියදි දිවුරුම් දෙන්නේ කෙසේදැයි කියාය

මේ නිසාම මාලිමාවේ පලමු කටයුත්තම රිවස් කිරිමට නගරාධිපති නීතිඥ රෝබට් හින්කෙන්ද ඇතුළු පිරිසට දැන් සිදුව තිබේ.

මිගමුවට පත්ව ඇති මාලිමාවේ මන්ත්‍රී කණ්ඩායමේ අත්දැකීම් අඩුකම පිළිබද ප්‍රශ්ණය අප පසුගිය දිනවල අවස්ථා කිපයකදිම මතුකර සිටියෙමු.

එහෙත් ඒ තත්වය සැලසුම් කර තිබුණ පළවෙනි වැඩේම රිවස් කරගන්නට තරම් බරපතල වේ යැයි අපද නොසිතු කරුණකි.

එහෙත් දැන් එය යථාර්ථයකි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here