මිගමු රෝහලට ⁣එන අයගේ යතුරු පැදි සඳහා රථ ගාලක් ?

0
409

 

මිගමුව රෝහලත් මාරිස්ටෙලා විදුහලත් අතර ඇති මුදළිදු මෙන්ඩිස් මාවත දැන් කලක පටන් මිගමුවේ කතාබහට ලක්වෙන පාරක් වෙලා තියෙනව.

ඒකට හේතුව තමයි මිගමුව රෝහලට ලෙඩුන් බැලිම සඳහා එන අය ඔවුන්ගේ යතුරු පැදි මේ පාරේ නවතා තැබිම.

රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම මේ පාර භාවිතා කරන බහුතරයක් දෙනා මේ නිති විරෝධි ලෙසින් යතුරු පැදි ගාල් කර තැබිම ගැන සිය කණස්සලත් විරෝධයත් දැන් කලක පටන්ම මතුකරමින් ඉන්නවා .

නාගරික කොමසාරිස්තුමිය මෙන්ම මිගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපතිතුමන්ද මේ ගැන වැඩි අවධානයක් යොමුකරල තිබුනා.

රථවාහන පොලිසිය මෙතන යතුරු පැදි නවතා තැබිම තහනම් කියද දැන්විම් පුවරු හිටවල වැඩේ ටික දවසකට නතර කරගෙන තිබුනා.

නමුත් දැන් ආයේමත් යතුරු පැදි ගාල් කරන්න පටන් අරන්.

මේ ගැන අප කලින් පළකරන ලද පුවත් වලට ප්‍රතිචාර පළකරන ලස අය සඳහන් කරල තිබුනේ රෝහලට රෝගින් බැලිමට එන අයට යතුරු පැදි නොමිලේ නවතා තැබිමට තැනක් හදල දෙන්න කියන එක.Screenshot 20251008 095227 Screenshot 20251008 095207

බොහෝ රෝහල් අවට තියෙන්නේ මුදල් අයකරන පාකින් තමයි .නොමිලේ යතුරු පැදි වාහන ගාල් කරන තැන් ගැන නම් අහල නැති තරම් .කොහොම උනත් පටුපාරක යතුරු පැදි ගාල් කරල තවත් අර්බුදයක් නිර්මාණය කරනව වෙනුවට මේ ප්‍රශ්ණෙට වෙන විකල්පයක් නම් අනිවාර්යයෙන්ම අවශ්‍යයි

මාලිමාවේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක රෝහල් කමිටුවද මේ ගැන අවධානය යොමුකරයි කියල හිතනව.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here