මිගමු වැල්ලේ රථගාලේ සිද්දිය දුරදිග යන ලකුණු ?

0
25

 

මිගමු වැල්ලේ මාළු කඩය ඉදිරිපිට ඇති සෙල්බි පාරේ නවතනු ලබන වාහන වලින් මුදල් අය කිරිමේ ටෙන්ඩරය වැල්ලවිදිය පල්ලිය විසින් දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මක කරමින් සිටි.

මෙය නීති විරෝධි බව කියමින් පුරවැසියෙකු විසින් මිගමු පොලිසියට කර තිබුන පැමිණිල්ලකට අනුව අදාල පාර්ශවයන් කැදවා පොලිසිය සාකච්ජා කර තිබුන අතර මේ සදහා ඇති නිතිමය අයිතිය තහවුරු කිරිමේ ලියවිලි ඉදිරිපත් කරන තෙක් රථවාහන වලින් මුදල් අය කිරිම නවත්තන ලෙස පසුගියදා රථවාහන පොලිසියේ ඉහල නිලධාරීන් මෙම ටෙන්ඩර්කරු හට දැනුම් දි තිබුන අතර ඒ අනුව මුදල් අයකිරිම නතර වි තිබුණි.

කෙසේ වෙතත් පොලිසිය විසින් ගෙන ඇති මේ ක්‍රියාමාර්ගයට එරෙහිව නඩුමගට පිවිසෙන බවට ද තොරතුරු මේ වන විට වාර්තා වන අතර රථවාහන වලින් මුදල් අයකිරිම   යළි ක්‍රියාත්මකව ඇති බවද නිරික්ෂණය විය.

මේ අතර වැල්ලවිදිය දේවස්ථානය සිය මිසම්වාසින් දැනුවත් කර මෙය⁣ට එරෙහි අත්සන් ගැනිමේ ව්‍යාපාරයක්ද දියත් කර ඇති බවද සැලය.

කෙසේ වෙතත් මිගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද පසුගිය සම්බන්ධිකරන කමිටු රැස්විමේදිද අවධාරණය කර තිබුුනේ පල්ලිය වසර 40 ක් නොව වසර 500 ක් භාවිතා කළද රජයට අයිති දේපලකට නීතියෙන් අයිතියක් නැතැයි කියා සිටියේය.

මිට පෙර පැවති පාලනයන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුන මිගමුව පොලිසියේ උසස් නිලධාරියෙකු පසුගිය සම්බන්ධිකරණ කමිටුවේ රැස්විමේදි කියා තිබුනි.

එයට ප්‍රතිචාර දක්වමින් ⁣නගරාධිපති රොබට් හීන්කෙන්ද අවධාරණය කර සිටියේ අනිත් අය කර නැති නිසා තම පාලනය ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරිම ආරම්භ කර ඇති බවය.

මෙය සනාථ කරමින් කම්කරු නියෝජ්‍ය ඇමති මෙන්ම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති මහින්ද ජයසිංහ කියා සි⁣ටියේ ⁣කලින් පාලනයන් විසින් සිදුකර ඇති වැරැද්ද දැන් නිවරදි කරන බවය.

කෙසේ වෙතත් මිගමුව මහනගර සභාව සහ වැල්ලවිදිය පල්ලිය අතර මේ සිදුවිම අරභයා යම් මතගැටුමක් දැනටමත් ආරම්භ වි ඇති බව පෙනේ.

මිගමු මහනගර සභාව තමන්ට අයත් දේපල පවරා ගැනිම සදහා ගනු ලබන නිර්භීත ක්‍රියාමාර්ග ගැන මිගමුවේ පුරවැසියන් වඩාත් උවමනාවෙන් බලා සිටින බවද මෙහිලා අවසන් වශයෙන් සටහන් කළයුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here