මිනිපෙට්ටි සාප්පුවට එරෙහිව මීගමුවේ අද විරෝධතා …

0
590
protest 1
protest 2

සල්ලිකාර බලපුලුවන්කාරයන්ට තමන් කැමැති ලෙසින් පිණුම් ගසන්නට හැකි තැනක් බවට අද මිගමුව හෙවත් පුංචි රෝමය පත්කරන්නට මිගමුවේ දේශපාලන අධිකාරිය කටයුතු කර තිබේ.

ජනාකිර්ණ තලාදුව ප්‍රදේශයේ ජයරත්න මල් ශාලාවට අයත් නව ශාඛාවක් විවෘත කිරිමට යාම සම්බන්ධයෙන් තලාදුව පාර අවට ජනයා විසින් දැනට කලක සිට දක්වමින් සිටින විරෝධය මෙයට එක් කදිම නිදසුනකි.
ජනාකිර්ණ ප්‍රදේශයක මිනි පෙට්ටි සාප්පුකාරයන්ට තමන් කැමති ලෙසින් කටයුතු කරන්නට ඉඩදි තිබුනේ වෙනින් කව්රුත් නොව මිගමුව නගරාධිපති දයාන් ලංසා ඇතුළු නිළධාරින් පිරිසකි.

protest 3



මේ වන විට සිය විරෝධය මිගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා වෙතට දන්වා ඇති අතර රාජ්‍ය ඇමති නිමල් ලංසාවද දැනුවත් කර ඇතැයි ගම්වාසිහු පවසා සිටිති.
එපමණක් නොව මේ මිනි පෙට්ටි සාප්පුව නිසා විදින්නට සිදුවන හිරිහැරයන් ගැන මේ වන විට පොලිසිය දක්වා ගොස් ඇති මේ පිරිස ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග වලටද යොමුවිමට නියමිත බව වාර්තා වේ.

ජයරත්න මිනි පෙට්ටි සාප්පුකරුවන් විසින් මිලට ගෙන ඇති නිවස ඉදිරිපිට එක්වු තලාදුව පාරේ ගම්වැසියෝ මිනි පෙට්ටි සාප්පුවට සිය විරෝධය පළකරන පුවරුද අතැතිව සිය විරෝධය පළකර තිබුණි.
මේ අවස්ථාවට ඒ ප්‍රදේශයෙ පොහොට්ටුව නියෝජනය කරමින් ජයසිංහ සහ එජාප නියෝජනය කරමින් රොයිස් විජිත යන දේශපාලකයන්ද ජනතාව සමගින් මෙම විරෝධයට එක්ව සිටියහ

protest 10
jayasinha
DSCF2255
protest 9
protest 6


protest 5
IMG 20210704 100002
IMG 20210704 100433

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here