spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දයාසිරි, බැසිල්ට මෙහෙම ගහන්නේ කාගේ හයියක් අරගෙන ද ?

Must read

 

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email sharethis sharing button Share linkedin sharing button Share whatsapp sharing button Share wechat sharing button Share pinterest sharing button Pin messenger sharing button Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අද දිනයේ ද ‘පොහොට්ටු’ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට තදබල වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ. බැසීල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියා කියා රටට සුරබි දෙන පහළ නොවන බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා කියා සිටියි.   වත්මන් අමාත්‍ය ධුර නිර්මාණය කළේත්, ඒවාට පුද්ගලයන් පත් කළේත්, විහිළු සහගත අමාත්‍යංශ නිර්මාණය කළේත් බැසිල් රාජපක්ෂ බවද ජයසේකර පවසයි.   ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයක් අද නොමැති බව කී දයාසිරි ජයසේකර, ශ්‍රී ලනිපය පසෙකට තබා තිබීම ගැන කනගාටු වන බවද කීය.   බැසිල්වාදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනි කිරීමට උත්සහකරන මේ අවස්ථාවේදී ඔහුව දේශපාලනික වශයෙන් ශක්තිමත් කළ යුතු බව ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.      



කුඩම්මගෙ සැලකිලි ගැන අමරවීර කියයි      

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවයි.     ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය .   එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම්  මදිපුංචිකම්ද සිදුවී ඇතැයි පැවසූ අමරවීර ඇමතිවරයා, ජනාධිපතිවරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී  රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය  බාර දෙන බවද ප්‍රකාශ කළේය .   කෙසේ වෙතත් මේ අවස්ථාවේදී  පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බවද  ඔහු පැවසුවේය . 
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article