spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිපුර වෙබ් අඩවියට නාගරික කොමසාරිස්වරයා පොලිසියේදි හමුවෙයි!

Must read

21129883-policeman-kid-cartoon-background-in-format-very-easy-to-edit-Stock-Vectorමිගමුව  මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා විසින් පසුගිය දිනක මිපුර වෙබ් අඩවියට එරෙහිව පැමිණිල්ලක් කර තිබෙන බව අපට ඊයේ(2017/01/20) දිනයේදි දැනගන්නට ලැබුණි..
එසේ දැනගන්නට ලැබුනේ   මිගමුව මුලස්ථාන  පොලිස් පරික්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ ආරාධනයෙන් ඊයේ දිනයේ හමුවක් පැවැති අවස්ථාවේදිය.
මේ අවස්ථාව සදහා මිපුර වෙබ්අඩවියේ කතු වරයාටත් මීගමුව නාගරික කොමසාරිස්වරයාටත් අැරයුම් ලැබ තිබුණි.
කෙසේ වෙතත් මේ හමුව වැදගත් එකක් වි තිබුනේ  මාධ්‍ය විසින් මතුකරන ප්‍රශ්ණ පිළිබදව පිළිතුරු සැපයිමට මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා මෙම හමුවේදි එකඟතාවයකට පැමිණ තිබිම නිසාය.

( මාධ්‍යවේදියෙකු විසින් ලියන ලද කිසියම් කරුණක් අරභයා ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබදව සම්මතයක් තිබේ.
පළමුව එය නිවරදි කරන ලෙස ඉල්ලමින් අදාල පැහැදිලි කිරිමක් යවන එකය.එය පළකිරිමට ඕනෑම මාධ්‍යයක් බැදි සිටි.
දෙවන පියවර වන්නේ පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරිමය.
එසේ නැතිව මාධ්‍යවේදියෙකු විසින් ලියන ලද කරුණක් අරභාය ඒ කරුණ විභාග කිරිම සදහා පොලිසියට මාධ්‍යවේදියෙකු කැදවිම නොකළ යුතුය යන කරුණ පිළිබදව තින්දුවකට එළඹ තිබුනේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් විසින් පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැති විශේෂ රැස්විමකදිය.
මෙම එකගතාවයට පැමිණ තිබුනේ 2015 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැති රැස්විමකදිය.
මෙම රැස්විම සදහා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා ,ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන පෙලේ නිළධාරින් රැසක් ඇතුළව මාධ්‍ය සංවිධාන නියෝජිතයන් පැමිණ සිටියහ.
පසුගිය දිනක සත්හඩ පුවත්පතේ කර්තෘවරයා හා ප්‍රවෘත්ති කර්තෘවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිම වරදක් බව ජනමාධ්‍ය ආමාත්‍යවරයා මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද  කියා සිටියේය.
එමෙන්ම මින් ඉදිරියට මාධ්‍යවේදින් හට මෙසේ පොලිසිවලට පැමිණෙන ලෙස දන්වා ඇති නම් ඒ බව ජනමාධ්‍ය අමත්‍යංශයට දැනුම් දෙන ලෙසද මාධ්‍ය සංවිධානවලින් ඉල්ලා සිටියේය.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන 9 ක් මෙම රැස්විමට සහභාගිව සිටියේය.)

2015 දෙසැ 16 පාර්ලිමේන්තුවේදි පැවති රැස්විම

media-minister1-2015 දෙසැ 16 පාර්ලිමේන්තුවේදි පැවති රැස්විම
මිපුර වෙබ් අඩවිය විසින්  අවධාරණය කර සිටියේ පසුගිය කාලය තුල නාගරික කොමසාරිස් පාලනය තුල සිදුව ඇතැයි කියන අවභාවිතාවන් පිළිබදව කරුණු රාශියක් අනාවරණය කරන්නට යෙදුනද ඒවා පිළිබදව  නාගරික කොමසාරිස්වරයාගෙන්  පිළිතුරු බලාපොරොත්තුවෙන් කරන්නට යෙදුන කිසිදු දුරකථන ඇමතුමකට හෝ ප්‍රතිචාර දැක්විමට  නාගරික කොමසාරිස්වරයා ඉදිරිපත් නොවිම ගැටලුකාරි වු බවය.
මේනිසා ඉදිරියේදි ඒ සියලු කරුණු පිලිබදව යළි පිලිතුරු බලාපොරොත්තුවෙන් නාගරික කොමසාරිස්වරයාට ලිඛිතව යැවිමට කටයුතු  කරන බවත් ඒවායේ පිටපත් පළාත්පාලන කොමසාරිස්වරියට මෙන්ම අදාල විෂයභාර ඇමතිවරයාටද දැනගැනිම සදහා යොමුකරන බවත් මෙහිදි අප අවධාරණය කර සිටියෙමු.
එමෙන්ම කෙසේ වෙතත් පෙබරවාරි 3 වන දායින් පසු මේ රටේ සියළුම රාජ්‍ය නිළධාරින් තමන්ගෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදිමට නීතියෙන් බැදෙන තොරතුරු දැනගැනිමේ පණත ගැසට් කිරිමට නියමිත බවද මීපුර වෙබ් අඩවිය විසින් මෙම සාකච්ජාවේදි මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ අවධානයට යොමුකළේය.
විශේෂ කොමසාරිස් පාලනය තුල බරපතල ලෙසින් සිදුව ඇති වාහන භාවිතය පිළිබදව ප්‍රශ්ණය අවස්ථා ගණනාවකදිම මිපුර වෙබ්අඩවියේ වැඩි අවධානයක් යොමුව තිබුණ කරුණ වි තිබුණි.
රාජ්‍ය නිළධාරියෙකු ලෙස මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක වැලිවිට මහතා මීපුර වෙබ් අඩවිය විසින් දුරකථන මගින් කරන්නට යෙදුන විමසිම් වලට යහපත් ලෙසම ප්‍රතිචාර දැක්වු මීගමුවේ සිටින නිහතමානි නිලධාරියෙකු බවද ඒ මතින් ගොඩනැගුණ සම්බන්ධතාවය මීගමුව නගරයේ බොහො ප්‍රශ්ණ නිරාකරණය කරගැනිමට පිටුවහලක් වු අයුරුද මෙහිදි මීපුර වෙබ් අඩවිය විසින් පෙන්වා දුණි.
අචාරධාර්මික වෙබ් මාධ්‍ය කලාවක නියැලෙන මීපුර හැකි සැමවිටම අනික් පාර්ශවයේ පැහැදිලි කිරිම් සදහා ඉඩ වෙන්කොට තබන්නට සුදානමින් සිටිමු.
කෙසේ වෙතත් මීපුර පාඨකයන්ගේද දැනගැනිම පිණිස අප මේ සටහන තබනුයේ මීගමුව මහනගර සභාව පිළිබදව පසුගිය කාලය තුල අපි විසින් කරන්නට යෙදුන සියළු හෙළිදරව් කිරිම් ලිඛිතවම ඉදිරියේදි මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ අවධානය නිතිපතා යොමුකරවන බවත් ඒවාට පිළිතුරු ලැබෙන අයුරින් පළකරන්නට සුදානමින් සිටින බවත්ය.
රාජපක්ෂ රෙජිමයේ අවතාර තවමත් හොල්මන් කරන මීගමුව නගරය තුල කිසිවෙකුටත් කිසිටිටකත් රාජ්‍ය දේපල අවභාවිතා කරන්නට අප ඉඩනොබන බවත් කොන්දේසි විරහිතව ඒවා හෙළිදරව් කරන බවත් යළිත් වතාවක් අවධාරණය කර සිටිනුයේ එසේ කරන සහ කරන්නට සිතා සිටින සියළු දෙනා වෙතම කරනු ලබන සිහිකැදවිමක් ලෙසින්ය.

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article