මිලාන් පියතුමන්ගේ සුව දුක් බැලීමට කොළඹ සහයක රදගුරු මීගමු රෝහලට පැමිණෙයි. ..

0
614

 

ඊයේ රාත්‍රී (24/01/2026) ගම්පහ පොලිස් වසමට අයත් කිරිඳිවිට ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකගෙන් පහර කෑමට ලක් වූ මිලාන් ප්‍රිදර්ශන පියතුමන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා මීගමුව රෝහලට අද දහවල් කාලයේදී කොළඹ කලාපයේ සහායක රදගුරු මැක්ස් වෙල් සිල්වා හිමිපාණන්ද, කොළඹ පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජූඞ් ක්‍රිෂාන්ත පියතුමා ඇතුළු විශාල පිරිසක් පැමිණ තිබුණි.IMG 20260125 WA0021 IMG 20260125 WA0022 IMG 20260125 WA0020

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන කොළඹ පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කරන්නේ මෙලෙස පහර කෑමට ලක් වූ මිලාන් පියදර්ශන පියතුමා ඊයේ රාත්‍රී නුවර පාරේ ආපසු එමින් සිටියදී නුවර පාරේ යම් ස්ථානයකදී විරුද්ධ දිශාවෙන් යතුරුපැදි 03 කින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම පියතුමාට ” නවත්තපන් සයිකලේ උඹට අපි නවතින්න කිව්වා, උඹ නැවැත්තුවේ නැහැ” යනුවෙන් පවසා ඇති බවයි. එහෙත් මෙලෙස පහර කෑමට ලක් වූ නිලාන් ප්‍රියදර්ශන පියතුමා එවිට පවසා ඇත්තේ තමන්ට තම යතුරු පැදිය නවතන ලෙස එවැනි විධානයක් කළ බව නොවැසුණු බවයි.ඉන්පසුව පියතුමන් යතුරුපැදිය නැවැත්වු පසු පොලිස් නිලධාරීන් සිව් දෙනකු පැමිණ පියතුමන්ට පහරදී ඇති බව ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසයි. එලෙසම ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ප්‍රකාශ කරන්නේ එලෙස පහර දීමට ලක් වු මිලාන් ප්‍රියදර්ශන පියතුමා පියතුමන්ලා අඳින ලෝගුව ද ඒ අවස්ථාවේදී හැඳ සිටි බවත්,.ඒ අනුව එතුමා කතෝලික පියතුමෙකු බව හොඳින්ම දැන සහ හඳුනාගෙනම මෙම පොලිස් නිලධාරීන් පිරිස එම පියතුමාට මෙලෙස පහරදී ඇති බවයි. ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසන්නේ ඒ අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරින් පිරිස පියතුමාට පවසා ඇත්තේ ” උඹලා ලෝගුකාරයෙනුයි, සිවුරුකාරයෝනුයි තමයි මේ රට විනාශ කරන්නේ” යනුවෙනි. පසුව මිලන් ප්‍රියදර්ශන පියතුමා තම හිස පැළඳ සිටි ආරක්ෂිත හිස් වැසුම හෙවත් හෙල්මට් එක ද ගලවා ඇති අතර ඉන්පසුව එම ආරක්ෂක හිස් වැසුම අතට ගත් පොලිස් නිලධාරින් එම ආරක්ෂක හිස් වැසුමෙන්ද පියතුමාට පහර දී ඇති බව ජූඞ් ක්‍රිෂාන්ත පියතුමන් පැවසීය. එලෙසම ජූඞ් ක්‍රිෂාන්ත පියතුමන් පවසන්නේ එම පොලිස් නිලධාරින් විසින් පා පහරවල් කිහිපයක්ම මෙම පියතුමා ට ඒ අවස්ථාවේදී එල්ල කර ඇති බවයි. එමෙන්ම ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසන්නේ මේ පියතුමන්ට පහර දුන් ආකාරය ඇසින් දුටු අයද සිටින බවත් ඔවුන් අධිකරණයට පැමිණ සාක්ෂි දීමට පවා සූදානම්ව ඇති බවත්ය. IMG 20260124 184558

එලෙසම පියතුමා පහර කෑමට ලක් වූ අවස්ථාවේ හැඳ සිටි ලෝගුවේද එම සපත්තු පා සටහන් ඇති බවත් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පැවසීය.IMG 20260125 WA0023

එලෙසම මිලාන් ප්‍රියදර්ශන පියතුමාගේ සිරුරේ තැලුම් පහරවල් ඇති බවත්, කන ප්‍රදේශයටත් පහර දී ඇති බවත් ජූඞ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි . ඉන් පසු මේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ පහර කෑමට ලක් වූ පියතුමාගෙන් අසා ඇත්තේ,” උඹ වාහනයක් හප්පගෙන නේද ආවේ”යනුවෙනි. එවිට පියතුමන් එය ප්‍රතික්ෂේප කළ විට පියතුමාට මෙම පොලිස් නිලධාරින් පවසා ඇත්තේ ” අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදිය ධාවනය කළ වරදට දඩ කොළයක් ලිවිය යුතු බවය.

එවිට පියතුමන් විසින් තම රියදුරු බලපත්‍රයද පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති බවත්, පියතුමන්ට පැවරීමට කිසිදු වරදක් නොමැති නිසාවෙන් එම පොලිස් නිලධාරින් විසින් පියතුමාට පවසා ඇත්තේ ආපසු යන්නට කියාය..
ඉන් පසුව මෙම පහර කෑමට ලක්වූ නිලාන් ප්‍රියදර්ශන පියතුමන් මීගමුව රෝහලට ඇතුළත්ව ඇති බවත ජූඞ් ක්‍රිශාන්ත පිහිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පියතුමන්ට පහර දුන් පොලිසියේ 6දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දිනයේ උසාවියට ඉදිරිිපත් කිරිමෙන්ම රිමාන්ඩ් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here