මීගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් හදන්න පුනරුදයටවත් හැකි වෙයිද ?

0
242

“රෑට බතට අපි කොයිදෝ ලගින්නේ” යන තේමාවද මුලික කොට ගෙන – මීගමුවේ වාසස්ථාන අහිමි ජනතාව ලෝක ජනාවාස දිනය සමරමින් වසර ගණනාවක් තිස්සේ ඉඩම් සහ නිවාස අහිමිව තමන් ගතකරන දුක්ඛිත ජීවිතය පිළිබඳව මේ රටේ වගකිව යුත්තන්ට හඩගා කියා ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ පළමු සදුදා දිනයට යෙදි තිබුන ලෝක ජනාවාස දිනය දවසේදි මිගමුවේ ඉඩම් නිවාස අහිමි ජනයා ගිය වසරේ සැප්තැම්බර් මාසේදි පොහොට්ටුවේ සහ මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් දේශපාලන නායකයන් පවා කැදවා මේ ප්‍රශ්ණය ඔවුන් වෙත ඉදිරිපත් කර තිබුණි.

දැන් ඇත්තේ මාලිමා රජයකි.මිගමුව වේගයෙන් ජනාකිර්ණ වෙමින් පවති . ඉඩම් අහිමිවුවන්ගේ ප්‍රශ්ණය දිනෙන් දින බරපතල අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.

මේ පසුබිම තුල මාලිමා රජය යටතේ වත් මිගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සැකසෙන්නේ එය සිස්ටම් චේන්ජ් වෙනුවෙන් තබන ⁣යෝධ පියවරක් වනු ඇත.
පසුගිය දශක දෙකක පමණ කාලයක් පුරාවට මිගමුවේ තිබුනේ පවුලක කැමැත්ත නගරයේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය බවට පත්වු යුගයකි.

දැන් තත්වය සැබැවින්ම වෙනස් වන්නට නම් මාලිමාව මුලික වි මිගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් හදුන්වා දිය යුතුව තිබේ.

මිගමුවේ නාගරික කොමාරිස්වරිය ඉඩම් පිළිබද හසල දැනුමක් සහිත අයෙකු විමද මිගමුවට දැන් තවත් වාසියකි.

නියෝජ්‍ය ඇමති සුගත් මීට මුලපිරිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here