අපේක්ෂා

0
166

 

ඉතාලියේ මිලානෝ නගරයේ “අපේක්ෂා” කියන්නෙ ලංකාවේ කෙනෙකුට බලාපොරොත්ත්වේ ඉසව්වට ගමන් කිරීමට අපහසු කෙනෙකු හෝ පවුලකට අසරණයෙකුට තමන්ගේ ඉසව්ව කරා බලාපොරොත්තුවේ මාවතේ ගමන් කිරීමට දෑත් දිගු කිරීමට සෑදී පෑදී සිටින ජාතික මෙහෙවරක් ඉටු කරන පිරිසක්.

වසර ගනනක පටන්ම මේ “අපේක්ෂා” වේ දෑත් දිගු කරමින් බලාපොරොත්තුවේ මාවත කරා ගමන් කිරීමට දායකත්වයෙන් සරණ වෙමින් ඉමහත් ගමන් මඟක රන් අකුරින් ලියැවුන සංවිධානයක්.

ඒ ගමන් මඟ තුලින් නැති බැරි කමට ඇති හැකි අයුරින් සිය දායකත්වය ලබාදෙන්නට ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන මුදලින් මූල්‍යාධාර පුණ්‍ය කටයුතු කරමින් ආගමික ජාතික පක්ෂ පාට භේදයකින් තොරව සිය හදවත් තුල පමණක් හෘදයාංගම තෘප්තියක් ලබමින් මෙතෙක් කල් ගෙවූ මඟ සෙනෙහසේ මානව දයාව වෙනුවෙන්ම ඉතාලියේ මිලානෝ නගයේ ජීවිත් වන සහෘදයින් පිරිසක් විසින් පසුගිය දවසක අපූරුවතම පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් සිය හෘදයාංගම දායක්තය ලබාදීමට උත්සුක වී තිබුනා.

ශ්‍රී ලංකාවේ දුවා දරුවන් 71 දෙනෙකුට ආසන්න වශයෙන් සිය දෙමාපියන් හෝ එක් අයෙකු හෝ අහිමි කරවමින් හරි හම්බ කරගත් වස්තුව සිය නිවෙස් ව්‍යාපාර යාන වාහන රුදුරුවූ මහ වතුරත්,හමාගෙන ගිය සැඩ සුළඟත් මඟින් ජන ජීවිත ජල කඳත් එකතු කරගෙන මහ මුදට අවාසනාවන්ත ලෙස දියවී පාවී ගිය මොහොතක ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රයෙන් මූලිකව කටයුතු කර ප්‍රසිද්ධ කරන ලද REBUILDING මූල්‍යමය සහනාධාරය උදෙසා පසුගියදා රුපියල් පන් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් ඉතාලියේ මිලානෝ නගරයේ කොන්සලර් ජෙනරල් වරයා වෙත ප්‍රධානය කරනු ලැබුවා.

සුපුරු පරිදි “අපේක්ෂා” සංවිදානය මගින් වාර්ෂිකව නත්තලේ අසිරිය සැමරීම සඳහා මෙවරත් එම නත්තල් උත්සයවයද පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත්,ශ්‍රී ලංකාවේ සිදුවූ විපතට පත් ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කඳුළු මතින් නත්තලේ ප්‍රීතියේ උත්සවයද අත් හිටුවමින් එයින් ලබන සතුට පසෙකට ලමින් “අපේක්ෂා” සංවිධානය මෙවර ව්‍යවසනයට පත් ජනතාවගේ දුකට පිහිට වීමට තීරණයකට එලැඹීම කාලෝචිත වුනා.

“අපේක්ෂා” සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් සිය දෑත් දිගු කරමින් ලබාදුන් මුදල එම සංවිධානයේ නිළධාරීන් මණ්ඩලය විසින් මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික කොන්සල්වරයා වෙත ලබාදෙමින් ව්‍යවසනයට ලක්වූ සිය සහෘදයින්ගේ ජීවිත නගාසිටුවා ගැනීමට දායකත්වය ලබා දීමට මවුබිමේ සහ ශ්‍රී ලාංකිකත්වයේ එකමුතු සහයෝගීතාවය මනාවට පිළිබිඹු කරනු ලැබුවා.

©එමිල් රෝහන්- මිලානෝ සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here