මීගමුවට තිරණාත්මක සම්බන්ධිකරණ කමිටු රැස්විම ජුුලි මුල සතියේ ?

0
427

දශක දෙකකටත් ආසන්න කාලයක් මිගමුව පාලනය වුයේ පවුලක අණසක මතය. පළාත් පාලන නීතිය වෙනුවට පවුලේ උවමනාව පළාත් පාලන නිතිය ලෙසින් මිගමුව තුල ක්‍රියාත්මක විය.

දැන් සියල්ල වෙනස් වි තිබේ.

මිගමුව අළුතින් ගොඩ නැගිය යුතුව තිබේ.මිගමුවේ පොදු සම්පත් පවුලක උවමනාව වෙනුවෙන් කාබාසිනියා කළ දේශපාලකන්ට මෙන්ම ඔවුන්ගේ බඩියන්ටද නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

බිච් පාක් එක නැවත මහනගර සභා පාලනයට නතු කරගැනිමම මේ වන විට දැවැන්ත අභියෝගයක් වි තිබේ.
අනවසර ඉදිකිරිම් රැසකි. මේවාට එරෙහිව අනිවාර්යෙන්ම විමර්ශණය කළ යුතුව තිබේ.
සංචාරක කලාපයට යළිත් වරක් සංචාරකයන් කැදවා ගෙන ඒමට හැකි ලෙසින් පිරිසිදු ආරක්ෂිත තැනක් බවට මිගමුව යළි පත්කළ යුතුව තිබේ.

මේ සියල්ල පුලුල් ලෙසින් කථිකා කරගත යුතුව ඇති ඉතාමත් තිරාණාත්මක සම්න්ධිකරණ කමිටු රැස්විම ජුලි මාසයේ 4 වන සිකුරාදාට යෙදි ඇත.

මේ අතර අදටත් බොහෝ දෙනෙකු කියාසිටින්නේ අත්දැකිම් අඩු මිගමුව නව මාලිමා පාලනය තුල හිටපු නාගරික කොමසාරිස්තුමිය සිටියේ නම් බොහෝ දේවල් කඩිනමින් කිරිමට හැකියාවක් තිබුණ බවය.

වත්මන් නගරාධිපති  උපනගරාධිපති සහ කොමසාරිස්තුමියටද මිගමුවේ යථාර්ථය ගැන පමණක් නොව පළාත්පාලන ගැනද පවතින අඩු අවබෝධයක් දැනටමත් ගැටළු සහගත වෙමින් ඇති තත්වක් පෙනෙන්නට ඇතැයි මිගමුව නගරයේ ජේෂ්ඨ පුරවැසින් පවා කියා සිටිති.

ගම්පහ දිස්ත්‍රික් ඇතැම් මාලිමා නායකන් විසින් මිගමුවට සිදුකරන ලද ප්‍රධානතම අපරාධය නම් හිටපු කොමසාරිස්වරිය මාරුකොට අලුත් කොමසාරිස්වරිය ගෙන ඒම බව දැන් මාලිමාවේම අය පවා කියා සිටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here