spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවට පැමිණි අසාර්ථකම කොමසාරිස්වරයා මීගමුවෙන් සමුගෙන යයි !

Must read

sugath kumaraමීගමුවේ හිටපු කොමසාරිස් සුගත් කුමාර යනු මීගමුව මැත ඉතිහාසය තුල පැමිණි අසාර්ථකම කොමසාරිස්වරයාය.ඔහු 2018 මාර්තු 29 වනදා මීගමුව මහනගර සභාවෙන් මාරුවක් ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගලට ගොස් ඇත.
සුගත් කුමාර ගැන මේ සටහන තබන්නට අපට පසුබිම සැකසු ප්‍රබලම හේතුසාධකය වන්නේ මුළු මිගමුවම ඩෙංගු රකුසාට බිලි දි එය වසංගත තත්වයක් දක්වා වර්ධනය විමට ඉඩහැර තිබිම නිසාමය.
ඩෙංගු වසංගත තත්වයක් කරා මිගමුව ගෙනයාම
dav

නිසි කලට විධිමත්ව ඩෙංගු දුමායන කටයුතු කිරිමට උනන්දු නොවිම නිසා මේ තත්වය පිමි පණිමින් වර්ධණය විය.
සුගත් කුමාර කල්පනා කළේ තමන්ගේ ධුරකාලය තුල අතව්‍යශ වියදම් වත් සිදුකරන්නේ නැතිව බදුගෙවන ජනයාවද සුරාකමින් හම්බකොට තමන් සල්ලි ඉතිරුකළ පොරක් ලෙසින් මෝඩ උද්දච්ච ආඩම්බරයක් ඇතිකර ගැනිමය.
ඉඩම් බ්‍රොකර්ලා විසින් මීගමුව තුල පවත්වාගෙන යන ලොන්ඩරි මාධ්‍යකරණයට පමණක් මේවා ගොන් ආතල් සුපිරි වැඩය.
එහෙත් සුගත්කුමාරගේසමුගැනිමේ උත්සවයට සම්මාදමට මෙන්ම සමුගැනිමේ උත්සවයට නගර සභා සේවකයන් දැක්වු ඇල්මැරණු ප්‍රතිචාරයම සුගත් කුමාර කොයිතරම් නම් අසාර්ථක පාලකයෙකු දැයි පෙන්වා හමාරය.
රු කෝටියකටත් වැඩියෙන් වියදම් කොට නිළ නිවසක් ඉදිකිරිම
ඩෙංගු පාලනයට දුමායන කටයුතු සිමා කොට මුදල් ඉතුරු කළ කොමසාරිස්වරයා නගර සභාවේ නිල නිවසක් හදන්න රුපියල් කෝටියකටත් වඩා වැයකරන්නේ කිසිදු  ගාණක් නැතුවය.එහි වැඩ නිමවා නොතිබියදිම නිලනිවසට ගෙවදින්නේද අප කලින් සදහන් කළ උද්චච්ච කම නිසාමය.
රථවාහන ගාල්කිරිමට සහ රාපක්ෂ උද්‍යානයේ අවිදිමේ මංතිරු ගාස්තු  හිතු ගණන්වලින් වැඩිකිරිම
මීගමුව රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුව සදහා  අයකරමින් තිබු රු 100ද මුදල රු 2000 කරමින් විශාල ගණනිකින් එය වැඩිකලේය.
එමෙන්ම රථවාහන නගරය තුල විනාඩි කිපයක් ගාල් කළද රු 50 ක් තරම් අධික මිලක් ගෙවන්නට සිදුවිය.
කොමසාරිස්ගේ රථගාය
එකවර වාහන දෙකක යමින් රාජකාරි කරන්නට තරම් අද්භුත චරිතයන් වෙමින් කටයුතු කරන ලද කොමසාරිස්වරයෙකි.
දරුවන් පාසැල් ගෙන යාමටද පවුලේ අනෙකුත් කටයුතු වලදදි අතදිගහැර නගර සභා වාහන භාවිතා කිරිමට කිසිවිටකත් පසුබට වුයේ නැත.
තමන්ගේ මේ පුද්ගලික කටයුතු කරගෙන යාමට අවැසි නිසාම වෙනත්ම රියදුරෙක් පවා බදවා ගන්නා ලදි..
නගර සභාවේ සේවකයන් මෙන්ම වාහනද තමන්ගේ පුද්ගලික අවැසිතා සදහා  යොදාගත් බවට චෝදනා එල්ලවි තිබිම.
ලක්ෂ 34 ක් උද්‍යාන සේවකයන් හොරකම් කරද්දි නිදා සිටිමRajapaksha-park-1
දයාන් ලංසාගේ ගෝලයන්ව රාජපක්ෂ උද්‍යානයේ මුදල් ගණුදෙනුවලට යොදවා ඒ අය විසින් ඉතා කෙටි කළක් මිලයන 3 කටත් වඩා සොරකම් කළද ඒවා ඇල්ලිමට කිසිදු නිනව්වක් මේ කොමාසාරිස්වරයාට තිබුනේද නැත.මෙය කිසිලෙසකින් වත් සමාව දිය නොහැකි බරපතල වැරද්දකි.
මාධ්‍යවේදියෙකු ට නගර සභා භුමිය තුලදි පහරදුන් මැර සේවකයෙකුට යළිත් සේවය කිසිදු හිරිකිතයකින් තොරව ලබාදිමFG attack 1
2016 ජුනි 02 වෙනිදා මීගමුව මහනගර සභා රැස්විම වාර්ථා කිරිමට ගිය මාධ්‍යවේදියෙකුට නගර සභාවේ  මැර සේවකයෙකු විසින් නගර සභා භුමියේදි පහර දුන්නද ඒ මැර සේවකයාට යළිත් සේවයට බදවා ගැනිමට කිසිදු හිරිකිතයකින් තොරව  කටයුතු කර තිබුණි.
මේ කළු පැල්ලම ලංකාවේ පළාත්පාලන ඉතිහාසය තුල දැන් සදහටම සනිටුහන් වි අවසන්ය.
මිපුර අපිව පොලිසි ගෙනයාම
කොමසාරිස්වරයාගේ වැරදි ලොන්ඩරි මාධ්‍යකරණයන් මගින් හැංගිමට කිසිසේත් උත්සාහ නොකළ මිපුර වෙබ් අඩවියේ සාමාජිකයන්ව පොලිස් පැමිණිලි මගින් බියකොට තමන්ගේ වැරදි හෙළිවිම වලක්වා ගැනිමට වරක් මීගමුව නාගරික කොමසාරිස්වරයා උත්සාහ ගත්තේය.
එහෙත් අප ඉන් සැලුනේ නැත.,
මන්ද අප වගකියන්නේ මීගමුවේ ජනතාවට පමණක් බැවිනි.
ස්වාමිවරුන් ගණනාවකට වගකියන්නට සිදුව ඇති ලොන්ඩරි මාධ්‍යවේදින්ගෙන් අප වෙනස් වන්නේ ද ඒ හෙයිනි.
එක්කො තැරව්කාරකම් කළ යුතුය නැතිනම් සැබෑ මාධ්‍යකරණයක නියැලිය යුතුය.
සුගත් කුමාර හොද අයෙකු වන්නේ කුණු හෝදන පුද්ගලයින්ට පමණි.
ජනතාව වෙනුවෙන් අප නම් කළේ සුගත් කුමාරව කොන්දේසි විරහිතව හෙළිදරව් කිරිමය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article