අගෝස්තු 15 වනදා පැවැත්වීමට නියමිත මන්නාරම,මරුඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය උත්සවය වෙනුවෙන් මීගමුවේ සිට එම මංගල්‍යයට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින කතෝලික බැතිමතුන්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාදීමට නම් රුපියල් ලක්ෂ 26 මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ඩබ්.ඩී. රංජිත් පද්මලාල් මහතා විසින් මීගමු කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලය වෙත යොමු කර ඇති ලිපියක , මේ සඳහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් අවශ්‍ය බව සඳහන් වේ .
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙලෙස ලිපියක් මගින් මීගමු කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, එම බලමණ්ඩලය මගින් පසුගිය 03 වැනි දින දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසිනි. තනි ඇන්ජිමක් සහ මැදිරි 12 කින් සමන්විත වන විශේෂ දුම්රියක් ලබාදීමට රුපියල් ලක්ෂ 25 කුත් එයට අමතරව තවත් රුපියල් ලක්ෂයක ඇප තැන්පතුවක් ද අවශ්‍ය බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම එලෙස ලබාදිය හැකි දුම්රියේ වර්ගය හා සැකැස්ම අනුව මෙම ගාස්තු සංශෝධනය කළ හැකි බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
මින් පෙර මෙලෙස මඩු මංගල්‍යය වෙනුවෙන් සහභාගී වන කතෝලික බැතිමතුන් සඳහා ලබාදෙන දුම්රිය ප්‍රවාහන සේවා පහසුකම් වෙනුවෙන් මෙලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෝ රජය මාර්ගයෙන් හෝ මුදල් අයකිරීමක් පිළිබඳ ඉල්ලීමක් සිදු කර නොමැත.
බෞද්ධ හෝ කතෝලික හෝ මෙරට සියලු ආගමික උත්සව සඳහා සහභාගිවන එම බැතිමතුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම රජය සතු වගකීමක් මෙන්ම යුතුකමකි. පෙර කාලවල මෙරට පාලනය කළ සියලු ආණ්ඩු එලෙස කතෝලික බැතිමතුන්ට වාර්ෂික මංගල්‍ය උත්සව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට මෙලෙස කොන්දේසි පැනවීමක් හෝ කිසිදු ආකාරයක පෙර මුදල් අය කිරීමක් හෝ සිදුවී ඇති බවට වාර්තා වී නොමැත. පෙර බලයේ සිටි ආණ්ඩු සහ දේශපාලනඥයින් එම ප්‍රවාහන සේවා කටයුතු යුහුසුළුව හා ඉතා ඕනෑකමින් ඉටුකර දුන් පසුබිමක ,වර්තමාන ජන බලවේග ආණ්ඩුව එම කාර්යය නොසලකා හැරීමට කටයුතු කළේ ඇයිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.
මේ පිළිබඳව මීගමුව කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම්, එම්මානුවෙල් පියුම්වර්ධන මහතා පවසන්නේ වාර්ෂික මඩු දේවස්ථානයේ මෙම ජාතික මංගල්‍යය වෙනුවෙන් කතෝලික බැතිමතුන්ට රජයේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය පහසුකම් සලසා දුන් බවත් 2002 වසරේ සිට මැදිරි 13 කින් පමණ සමන්විත වන දුම්රිය 02 ක් ලබා දුන් බවත් ඒ අනුව ආරක්ෂිතව සහ වැඩි වියදමකින් තොරව කතෝලික බැතිමතුන් එදා සිට වාර්ෂිකව එම මඩු දේවස්ථානයේ පවත්වන ජාතික මංගල්‍යයට සහභාගී වීමටත් එය නිමවී ආපසු ඒමටත් අවස්ථාව ලැබුණු බවත් ඔහු පැවසීය. එහෙත් මෙවර මඩු මංගල්‍යයට මීගමුවෙන් යාමට බලාපොරොත්තු වන බැතිමතුන් හට එලෙස දුම්රිය පහසුකම් ලබාදීමට තමන්, කතෝලික කලාපීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම්වරයා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ ලිඛිත ඉල්ලීමට, ප්‍රතිචාර ලෙස එලෙස දුම්රියක් ලබා දීමට නම් ලක්ෂ 25 ක මුදලක් සහ ඇපකරයක් ලෙස තවත් ලක්ෂයක මුදලක් ඇතුළුව රුපියල් ලක්ෂ 26 ක මුදලක් ඉල්ලා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තම බල මණ්ඩලයට ලිපියක් ලැබුණු බවත් එය දුටු තමන් තුෂ්නිම්භූත වූ බවත් පැවසීය. මෙතෙක් කාලයක් මඩු මංගල්‍යය සඳහා දුම්රිය පහසුකම් ලබාදීමේදී කිසිවෙක් කිසිදු මුදලක් මෙලෙස ඉල්ලා නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව ඔහු පවසන්නේ මෙලෙස අතිවිශාල මුදලක් මේ සඳහා ගෙවීමට නොහැකි බවයි. ඒ අනුව මේ පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරමින් ලිපියක් යොමු කළ බව ඔහු පවසයි . ඔහු පවසන්නේ මීගමුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය වෙන්නප්පුව, මීගමුව, කටාන, කුරන, සීදුව, ජාඇල, සහ කඳාන ප්‍රදේශවලින්ද කතෝලික බැතිමතුන් මඩු මංගල්‍ය සඳහා ගමන් පහසුකම් සලසා ගන්නා බවයි. එලෙසම මෙම දුම්රිය රාගම, මිරිගම හා වේයන්ගොඩ දුම්රිය ස්ථානවලද නතර කරන නිසා එම ප්‍රදේශවල සිටින කතෝලික බැතිමතුන්ටද මඩු මංගල්‍ය සඳහා ප්‍රවාහන පහසුකම් මෙම දුම්රිය සේවාව මගින් ලැබෙන බවද ඔහු පැවසීය. තවද ඔහු පවසන්නේ මෙවැනි වන්දනා කටයුතු සිදුවන්නේ කතෝලික බැතිමතුන් අතරේ පමණක් නොවන බවයි. අනෙකුත් ආගම් තුලත් මෙවැනි වන්දනා මංගල්‍යයන් උත්සව පවත්වන බව ඔහු අවධාරණය කරයි. එවැනි උත්සව සහ මංගල්‍යයන් සඳහාද රජයෙන් විශේෂ දුම්රිය පහසුකම් ලබාදෙන ආකාරය ප්‍රවෘත්ති තුළින් හා විවිධ ජනමාධ්‍යයන්ගෙන් අසන්නට දකින්නට ලැබෙන බවත් පෙන්වා දෙන පියුමිවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ අනුරාධපුරයට, මිහින්තලයට, මහනුවරට සහ හැටන් වැනි ප්‍රදේශවලට වෙනත් ආගම් වල උත්සව සඳහා දුම්රිය පහසුකම් ලබා දෙන බවයි. එවැනි තත්ත්වයක් තුළ කතෝලික බැතිමතුන්ට මෙවැනි අඩුපාඩුවක් සිදු කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ඔහු ප්‍රශ්න කර සිටි. එනිසා ඔහු වැඩිදුරටත් වගකිවයුතු බලධාරීන්ගෙන් වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස භේද ඇති වීමට ඉඩ නොතබා එවැනි තත්ත්වයක් වලකාලීමට කටයුතු කරන ලෙසත් පෙර ලෙස ලබා දුන් මෙම දුම්රිය ප්‍රවාහන පහසුකම මෙවරද කතෝලික බැතිමතුන්ට ලබාදීමට යුහුසුළුව කටයුතු කරන ලෙසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේ කල් ඇතිව වෙන්කරගනු ලබන
දුම්රිය පිටත් වන දිනයේ අදාල ප්‍රවේශ පත් ගාස්තු ගෙවා මඩු සිද්ධස්ථානයේ මංගල්‍යයට යාම පෙර පැවති ක්‍රමය වු බවය.මේ අනුව රජයෙන් ඔවුන් ඉල්ලා ඇත්තේ නොමිලේ යාමට නොව මේ ගමන සඳහාම විශේෂ යෙදවිමට කටයුතු කරන ලෙසය












