ලංසා පවුල් හවුල් පාලන කාලය තුල මිගමුවේ අති විශාල අනවසර ඉදිකිරිම් ප්‍රමාණයක් සදහා අතදිගහැර අවසර දිම් අනුබල දිම් සිදුව තිබෙන බව කුපකට රහසකි.
පසුගිය සතියේ පැවැති කාරක සභා රැස්විම් දෙකකදිම මේ කාරණය ගැන සැලකිය යුතු අවධානයක් යොමුකළ යුතු බවට සාකච්ජා වි තිබුණි.
ඒ් කර්මාන්ත කාරක සභාවේදි එහි සභාපති සංගිත් පෙරේරා විසින් සහ සභා දේපල,කළමණාකරණය සහ නීති කටයුතු කාරක සභාවේදි ස්වාධින මන්ත්‍රිවරයෙකු වන ගයාන් මධුමිහිරද මේ අනවසර ඉදිකිරිම් පිළිබද ප්‍රශ්ණය මතුකර තිබුණි.
කෙසේ වෙතත් මේ කරුණ අරභයා අදාල රාජ්‍ය නිලධාරින් සිය රාජකාරිය පමා නොකර සිදුකළ යුතුව ඇත්තේ අතිවිශාල අනවසර ඉදිකිරිම් ප්‍රමාණයක් කඩිනමින් විමර්ශනය කළ යුතුව ඇති බැවිනි.












