මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයකුට පහර දුන් ත්‍රී රෝද රථ රියදුරු පෙබරවාරි 02 දා තෙක් රිමාන්ඩ්

0
551

. …

මීගමුව මහා නගර සභාවේ, ආණ්ඩු පක්ෂයේ හෙවත් ජාතික ජන බලවේග පත්ෂයේ ( මාලිමාවේ ) නාගරික මන්ත්‍රීවරයෙකු වු දීපාල් වීරමුණ්ඩි මහතාට පහර දුන් බව කියන ත්‍රීරෝද රථ රියදුරකු එළඹෙන පෙබරවාරි 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කර තිබේ.

එලෙසම එදිනට හදුනා ගැනිමේ පෙරට්ටුවක් සඳහා සැකකරු ඉදිරිපත් කරන ලෙස ද මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඉකුත් 26 වැනි දින (26/01/2026) එම ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය, මහෙස්ත්‍රාත්වරයා හමුවේ අද දින (28/01/2026) ප්‍රකාශ කලේය.

දීපාල් විරමුණ්ඩි නාගරික මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන අතර එම ආයතනයේ කැබ් රථයකින් ඉකුත් 26 වැනි දින (26/01/2026) මාර්ගයේ ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථ රියදුරු මාර්ගය හරස් කර ඇති බවත් එහිදී යම් බහින්බස්වීමක් සිදු වී ඇති බවත් වාර්තා වුණි. එම බහින්බස්වීමේදී මෙම ත්‍රි රෝද රථ රියදුරු විසින් නාගරික මන්ත්‍රීවරයාට පහර දී තිබේ. ඒ බව මීගමුව පොලිසිය විසින් සිදුකල විමර්ශන වලින් පසු හෙලි කරගත් බව මීගමුව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇති 53 හැවිරිදි දීපාල් වීරමුණ්ඩි නාගරික මන්ත්‍රීවරයා මීගමුව, මරදාන පාරේ පදිංචි අයෙකි. මෙලෙස පහර කෑමට ලක් වීමෙන් පසු නාගරික මන්ත්‍රීවරයාව මීගමුව මහා රෝහලට ඇතුලත් කර ඇති අතර නාගරික මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රතිකාර ලබා ඔහුගේ නිවසට ගොස් ඇති බවත්, ඉදිරි කාලයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වැඩිදුර කරුණු වාර්තා කරන බවත් මීගමුව පොලිසිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීගමුව ,මුලස්ථාන පොලිස් පරික්ෂක තල්වත්ත මහතාත් , එලෙසම විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ජයසුන්දර මහතා සහ පොලිස් සැරයන් විජේනායක මහතාද එමෙන්ම අධිකරණ පොලිස් සැරයන් බණ්ඩාර මහතා යන නිලධාරීන් මෙහි විමර්ශන කටයුතු සිදු කලහ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here