spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ උසස් රාජ්‍ය නිළධාරියෙකුගේ නිවස හදන්න නගරසභාවෙන් කම්කරුවන් සහ උපකරණ ?

Must read

MC workersරාජ්‍ය නිළධාරින් පිළිබදව පළල් සංවාදයක් රටතුල ගොඩනැගි ඇත.ඒ ඒ අයවිසින් සිය රාජාකාරිය නිසි ලෙසින් ඉටුකරන්නේද යන කරුණද සමගින්ය.
තතු මෙසේ තිබියදි මීගමුව මහනගර සභාවේ උසස් නිළධාරියෙකු විසින් දිවුලපිටිය ප්‍රදේශයේ අළුතින් ඉදිකරන සිය නිවස සදහා මීගමුව මහනගර සභාවේ කම්කරුවන්ද යොදාගෙන ඇතැයි වාර්ථා වේ.
එපමණක් නොව නිවසට ඇවැසි ටයිල් ඇතුළු අනෙකුත් දැ ප්‍රවාහනය සදහාද නගර සභාවේ වාහන යොදාගෙන ඇති බවට සැලය.
මේ නිළධාරියාගේ නිවස ඉදිකිරිමට යොදගත් මහනගර සභාවේ ඇතැම් උපකරණ කැඩිබිදියාම් හේතුකොට ගෙන  ඒවා භාරව සිටින නිළධාරින් සහ මේ නිවාස ඉදිකිරිම් සදහා ගිය කම්කරුවන් අතර ගැටුමක්ද හටගෙන ඇත.
මේ ගැටුම දුරදිගයෑම නිසා පිහිඅතට ගන්නා තත්වයකටද එය පවත්ව තිබුුණු බව අපෙග් නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.
මේ සියළු ප්‍රශ්ණ ඉතාමත් ඉක්මනින් ලිඛිතවම දන්වා යැමිටද කටයුතු කරන්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article