spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ! කතෝලික පල්ලිය නිහඬ ඇයි ?

Must read

tmp_4776-image-0-02-06-ff9a81bdd8dc234ee70a3102079d0d968d66688d6a8666ad8454c4dd7d34cdf3-V-64485748ලෝක ඉතිහාසය තුල කතෝලික පියතුමන්ලාගේ දුත මෙහෙවරේ එක් ප්‍රධාන අංගයක් වි තිබුනේ ගිලනුන්ට උපස්ථාන කිරිමය.
විවිධ රටවලදි ඇතිව තිබුණ වසංගත තත්වයන් හමුවේ ජිවිත අවදානම් නොනකා එදා ඒ පියවරුන් කිතුණු නියමුවන් කටයුතු කර තිබුණි.
අද මීගමුව ඩෙංගු රෝගය ගමන් කරමින්  ඇත්තේ එවැනිම වු වසංගත තත්වයක් කරාය.
මැයි මාසයේ  සති දෙකකදි පමණක් ඩෙංගු රෝගින් 522 කි.රෝහල් කාර්ය මණ්ඩලයට කිසිසේත් කළමණාකරණයට කරගැනිමට අසිරු තත්වයකි.

මේ වසර අප්‍රේල් මාසය තෙක් කිසිදු ඩෙංගු මරණයක් වාර්ථා නොවූ මීගමුව රෝහලේ පසුගිය දින 45 කාලය තුල  ඩෙංගු මරණ 04 ක් සිදුව තිබේ

වර්ෂාව අඩු කාලයකට පසු විටින් විට වර්ෂාව ඇද හැලීම නිසා ඩෙංගු වසංගත තත්වය තවතවත් සීඝ්‍රයෙන් ඉහල යනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් මේ වන විට සැක පල කර ඇති අතර එම සැකය සනාථ කරමින් මේ වසරේ (මැයි මස 18 වනදින තෙක් පමණක්) මැයි මාසය තුල ඩෙංගු රෝගීන් 522ක් මීගමුව රෝහලේ ඩෙංගු රොගීන් ලෙස අැතුලත් වී ඇත.
පහතින් දැක්වෙන්නේ මේ වසරේ මුල සිට මීගමුව රෝහලට ඇතුලත් වූ ඩෙංගු රෝගින් සංඛ්‍යාව පිලිබදව වන සටහනකි.

    මාසය                         රෝගීන් ගණන
ජනවාරි                         532
පෙබරවාරි                     313
මාර්තු                             560
අප්‍රේල්                            647
මැයි                                 522 (මැයි 18 වනදා දක්වා පමණි.)මේඅනුව මුලු ගණන 2574කි.

පහතින් දැක්වෙන සටහනින් දැක්වෙන්නේ එසේ ඇතුලත් වූ රෝගීන් සංඛ්‍යාවෙන් මීගමුව මහනගර සභා බලප්‍රදේශයෙන්  වාර්ථා වූ රෝගීන් ප්‍රමාණයයි.  

             මාසය                      රෝගීන් ගණන
ජනවාරි                      123
පෙරවාරි                     95
මාර්තු                          126
අප්‍රේල්                         218
මැයි                             202 (මැයි මස 18වනදා දක්වා පමණි.)
මේ තත්වය පාලනය කරගැනිමට කාර්ය මණ්ඩලයද අපොසත්ව ඇත්තේ ඔවුන්ගේ ධාරිතාවයට වඩා විශාල රෝගින් සංඛ්‍යාවකින් රෝහල පිරි යමින් තිබිම හේතුකොටගෙනය.

tmp_4776-image-0-02-06-08174d34b1a882a0f50f8389ad89d82e2234138b2e60174458250f110c5d9840-V-1432056014
මෙහි අනිවාර්ය ප්‍රථිපලය විය හැක්කේ මේ ඇතැම් රොගින් හට සිය ජිවිත වලින් ම වන්දි ගෙවන්නට සිදුවිමය.
පසුගිය දින 45  කාලය තුල ඩෙංගු රෝගින් 4 දෙනෙකු මිය යාම මගින් පෙන්වා ඇත්තේ මේ බියකරු කටුක යථාර්ථයයි.
එක් ඇදක සිටින රෝගින් ගණන 2 කි . බරපතල ඉඩකඩ මදිකමකි.හෙදියන් 50 කගේ පමණ හිගයකි.එමෙන්ම අත්‍යවශ්‍ය උපකරණ වල පවා අඩුපාඩු රැසකි.tmp_4776-image-0-02-06-73c0ffa8b364027d958af2c2ca4ea8911e3fe436a2e0b0e42cfcc27a2898111f-V1203009870
මේ අර්බුදය හමුවේ කතෝලික පල්ලිය විශාල කාර්ය භාරයක් කළ හැකිව තිබේ.
එහෙත් මේ වන වනතුරුත් නිළ කතෝලික සභාව මැදිහත්ව ඇති බවක් නොපෙනේ.
රෝහලේ 4 වෙනි වාට්ටුවේ ඇති අධික රස්සනයට විසදුම් සපයමින් විදුලි පංකා සවිකර දිමේ කටයුත්තට මුස්ලිම් පල්ලිය  දැනටමත් මුලපුරා තිබේ.
කතෝලික පල්ලිය ඇතුලු අනෙකුත් ආගමික නායකයන් කල් නොයවා ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article