මිගමුවේ දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් නියෝජනය කරන අය සහ දේශපාලන නායකතයන් කිප දෙනෙකු හමුවිමට අපට උදේ වරුවේ අවස්ථාව ලැබුණි.
ව්‍යෛ හෙන්රි රොසාරියෝ- පාර්ලිමේන්තු අපෙක්ෂක – ජාතික ජන බලවේගය මිගමුව
මීගමුව මහනගර සබාවේ බලය අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගය පිහිටුවනවා ඒ්ක ස්ථිරියි. අපි කැමැතියි හොද අය මහනගර සභාවට එනවට .
මිගමුවේ වෙනසක් වුනාද ?
අපේ නාගරික කොමසාරිස්තුමිය මාරුවත් එක්ක කඩා වැටිමක් වුනා. අපි කව්රුත් පිළිගන්නව. සභාව පිහිටෙව්වට පස්සේ ලොකු වෙනසක් කරනව
සජිත මොහාන් – හිටුප නාගරික මන්ත්‍රි – ස්වාධින කණ්ඩාම – අත්පොරව
මේ කොට්ටාශයෙන් මම ඉහලින්ම ජයගන්නවා.මම තුන්පාරක් මේ කොට්ටාශය ඉහලින්ම දිනල තියෙනවා .අපි සුළු ජාතික කොට්ටාශයක් අපි පත්වෙන නගරාධිපති එක්ක වැඩකරනවා.
මම හිතන්නේ කාටවත් බහුතරයක් ලැබෙන්නේ නැ. අපි සිට් ගානක් ගත්තොත් අපට නියෝජ්‍ය නගාරාධිපතිධුරය ඉල්ලන්න හිතන් ඉන්නනවා
ජී. ශෂින්ද්‍රන් – වැල්ලවිදිය සමගි ජනබලවේගය
අපි මිගමුවේ කොට්ටාශ 29 ම දිනනවා බලය පිහිටුවනවා. ජාතික ජන බලවේගයට දෙමළ ඡන්ද නැ.
මම හිතන්නේ මාලිමාවට චාන්ස් නැ.
ස්වාධින කණ්ඩායම් කියන්නේ ලංසාලගේ අවතාර .