spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ දිසාපාමොක් දෙස බලනු !

Must read


berty
අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි. මුඵ මහත් සමාජයටම මහගු මෙහෙවරක් කර වෙසෙසින්ම අප කතෝලික ගුරු පරපුර ඇතුලූ නෙක විධ තානාන්තර දරණ ගිහි පැවිදි රාශියකට මඟපෙන්වූ මේ සුවිසාල පහන් ටැඹ මා ඉදිරියේ සිටියි.
 අප කතෝලික සභාවේද නෙක සත් කාර්යයන්ට හදවතින්ම සම්මාදම් වූ මේ හැබෑ කිතුනුවා නමින් බර්ටි ප‍්‍රනාන්දු ය. අදත් කතෝලික ධර්මය පාසැල් පෙළ පොත්වල උපදේශක ලෙස ඔහුගේ නම ආර්. එම් බර්ටි ප‍්‍රනාන්දු නමින් සනිටුහන් වී ඇත. 
රජයේ ගුරු පත්වීමක් ලැබුව ද ටික කලකින් එය පසෙකලා කතෝලික පෞද්ගලික පාසැල් ඇතුළු සමාජ සේවා ස්ථාන රාශියක ස්වාමීන් වහන්සේගේ ‘‘දේව රාජ්‍යය’’ ගොඩනැගීමට හිතට එකඟවම ඔහු පංගුකාරයෙක් විය. මම පෞද්ගලිකව ඔහුගෙන් විධිමත් අධ්‍යාපනයක් කවරදාකවත් ලැබීමට පින් කර නොතිබිණි. එහෙත් ඔහු හා කතාබහ කරමින්් හෙළබස ඉංගි‍්‍රසියට පහණක් නොව, කතෝලික ධර්මය පිළිබඳව ද දැනුමක් නොවිධිමත් ලෙස ඔහුගෙන් ලත් බව ඔහුව අගයමින් භක්ත්‍යාදරයෙන් සිහිකරමි. මා වැනි දෙනෝදාහකට එතුමා පිහිට පතනට ඇත. විශ‍්‍රාම සුවයකට වඩා විශ‍්‍රාම වේදනා නීරස රසවිඳීන අයුරු දැකීම සිත් කම්පා කරයි. කොළඹ ධර්මෝපදේශ මධ්‍යස්ථානය සහ මීගමුව කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස සේවය කළ මොහු බෝලවලාන ගුරු විදුහලේ රෝ.ක. අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළ කාලය මට අද වගේ මතකයි. මගේ සමහර සමකාලීන ඉංගී‍්‍රසි ගුරුවරුන්ව ඉංගී‍්‍රසි ගුරුවරුන් බවට ඔසවා තැබුවේ මේ ආගම කථිකාචාර්යවරයා බව නොරහසකි ‘ගේට්වේ’ ආයතනයේ ද මීගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ද තාවකාලිකව කාලයක් ඔහු ගුරු ක්ෂේත‍්‍රයේ නියැලී සිටි වග මට මතකයි.
ගරු කන්‍යාසොයුරියන්ව ගරු කන්‍යා සොහොයුරන්ව පමණක් නොව සමහර විටෙක ගරු පියතුමන්ලාව ද මෙතුමා දැනුමෙන් පෝෂණය කළ වග ප‍්‍රසිද්ධ රහසකි. මේ ප‍්‍රාඥයා අද පත්ව ඇති ඉරණම ශෝචනීයයි. ඔහුගේ අතමිටද සරු නැත. දරු මල්ලන්ගෙන් යැපෙමින් දුක සේ කාලය ගෙවන දිසාපාමොක් කවුරු හෝ තම දිවියේ දැනුම  දුන් දුවෙක් පුතෙක් බැහැදකින්න එතැයි යන පිවිතුරු චේතනාවෙන් ඇස් දල්වා ගෙන බලා සිටියි. විශ‍්‍රාම වැටුපක් නොලබන මෙම ගුරු පියාට එසේ වුණේ මන්දැයි සිතනවාට වඩා මට දුක සිතෙන දෙයක් එතැන සිදුවිණි. ඔහුගේ  දුවෙක් පැවසූ දේ අප වත්මන් සමාජයට ගැසූ අතුල් පහරක් යැයි මම සිතමි ‘‘තාත්තා පාරේ හැරමිටියෙන් යනකොට ඔහු ළඟින් ගොඩක් සිස්ටර්ලා සුවාමිලා උගන්වපු ගෝලයෝ පාස්වෙනවා ගොඩක් අය තාත්තාගෙන් උදව් ගත්තු අය තාත්තට ඒ අයව දැන් අඳුනන්න බැහැ. ඒ තාත්තගෙ දැන් ඇස් ටිකක් පෙන්නෙ නැති හින්දා. ඒ විතරක්යැ ඒ අයටත් දැන් තාත්තව අඳුනගන්න බැහැනේ ’’
මතු දිනෙක බර්ටි ප‍්‍රනාන්දු ගුණානුස්මරණය කරමින් නෙක සංවිධාන බොහෝ මහත්වරු නෝනාවරු ගිහි පැවිදි ලොකු තනතුරු දරණ බොහෝ උදවිය ගුණ වනනු ඇත නෙක වර්ණ ඡායාරූප සබැඳි ලිපි ඔහුගේ නමට වෙන්වෙනු ඇත. ඔහු ඒවා නොදකිනු ඇත මතුදිනෙක වන මෙම සංසිද්ධියට ප‍්‍රථමව අද දින මොහුව බැහැදැක වදනක්වත් කථාකළොත් අපි කෙළෙහිගුණ දන්න මිනිසුන් වනු ඇත. එහෙව් මිනිසත්කම අදුනන මිනිසුන්ට කරන දැන්වීමයි මේ !
ආර්. එම්. බර්ටි ප‍්‍රනාන්දු ඇදරුතුමනී ඔබට ආයුබෝ වේවා !
මෙරිල් මීපුර
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article