මීගමුවේ දෙපා ඇලෙනුත් ගසා කෑ දේශපාලකයන්ට චෝදනා !

0
86
Weather in negombo 101
Weather in negombo 1

ඇදහැලෙන මහවැසි මැද මේ දිනවල අන්ත අසරණ භාවයට පත්ව ඇති පෙරියමුල්ල ,දළුපත අවට ජනයා මේ තත්වය වගකිව යුතු දේශපාලකයන් හට දිගින් දිගටම බැන වදිමින් සිටිති
සිය නිවෙස්වලින් පවා එළියට ඒ ගැනිමට බැරි ලෙසින් පසුගියදා මහවැසි මැද කොටුවි සිටි ජනයා කියා සිටියේ දෙපා ඇල සුද්ද කරනවා යැයි කියමින් මිගමුව මහනගර විසින් හැමදාමත් කොන්ත්‍රාත් එක ලබා දෙන කොන්ත්‍රාත්කරුවා මෙන්ම ඉන් කොමිස් ගාන ලබන දේශපාලකයන් සතුටු වුවද කිසිදාක දෙපා ඇල නිසි ලෙසින් පිරිසිදු කර නැති බවය.
මිගමුව මහනගර සභා තුල කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු පමණක් සැමදා වැජඹෙන් සිටිති. ඉන් එකෙකු ඇල සුද්දකරන්නාය අනෙකු කොන්ක්‍රිට් දමන්නාය.
ඒ අය අද කෝටිපතියන් වි සිටිති.
දෙපා ඇල පිරිසිදු නොකිරිම මෙන්ම ඒ ඇල මාර්ගය තුල විවිධ අතයට ගණුදෙනු මත සල්ලිකාරයන්ට ඇල දෙපසද අල්ලාගෙන අනවසර ඉදිකිරිම් සදහා ඉඩ දි ඇති දේශපාලකයන් මෙන්ම ඊට අනුබල දෙන තාක්ෂණික නිළධාරින්ද ජනයාගේ මේ විපතට වගකිය යුතු තිබේ.
එමෙන්ම දළුපතදි ඇලක් මත ඉන්ධන පිරවුම් හලක් ඉදිකරන්නට ඉඩ දි ඇති පසුබිමක ඒ ඇල මගවල් හිරවිම නිසා ගැටළු රැසක් මේ වැසිදිනවලදි මතුවෙමින් තිබේ.

Weather in negombo 3
Weather in negombo 41




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here