මිගමුවේ නගර පාලනය කොයිතරම් නම් අරාජික වෙමින් ඇතිද යන ප්‍රශ්ණයක් දැන් පැන නැගි ඇත්තේ මිගමුවේ පෝරුතොට ප්‍රදේශයේ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයාගේ හිතුවක්කාර ක්‍රියා ගැන සලකා බලන විටය.
මිගමුවේ මහනගර සභා පාලනයට අයත් පාරවල් හෝ ඒ පාරවල් කාණු සම්බන්ධයෙන් තින්දු ගැනිමට ක්‍රියාවලියක් ඇත.ඒ සඳහා වගකිම් දරන නිලධාරීන්ද සිටිති.
තතු එසේව තිබියදි මුස්ලිම් කොංග්‍රස් නගාරික මන්ත්‍රීවරයා පෝරුතොට තක්කියා පාරේ අතුරුපාරක සිය තනි කැමැත්තට ඒ පාරේ නිවැසියන්ගෙන් මුදල් එකතු කොට නිවෙස්වල අපජලය බැස යාම සඳහා කාණුවක් සකස් කරන ආකාරය ඔහු විසින්ම සිය ෆේස්බුක් පිටුව මගින් ප්‍රචාර කර තිබේ.
නගර සභාව සතු දේපලක් වු පාරවල් මේ අකාරයෙන් නීති විරෝධි ලෙසින් කඩා දැමිම සම්බන්ධයෙන් නගරාධිපති හීන්කෙන්ද කියා සිටින්නේ කුමක්ද?
එපමනක් නොව නගර සභා දේපල සහ නිතිය සම්බන්ධයෙන් ඇති කාරක සභාපති සිටින්නේද මේ නීති විරෝධි ක්‍රියාව සිදුකරමි්න් ඇති තැනට එහා මායිමේ විමද විශේෂත්වයකි.
තතු මෙසේව තිබියදි මේ හිතුමතේ සිදුකරනු ලබන මේ ක්‍රියාවන් විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙනු ලබන්නේ නගර සභාව අද පත්ව ඇති ආරාජික තත්වය නොවෙිද?












