මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක් රු කෝටි දෙකාමාරකට ඉඩමක් මිළට ගනියි ?

0
113

MC membersමීගමව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් නැගෙනහිර දළුකොටුව ප්‍රදේශයෙන් රු ලක්ෂ 250 කට ඉඩමක් මිළට ගැනිමට ඇති සුදානමක් ගැන මීපුරට වාර්ථා වේ.
මෙම ඉඩමේ  හිමිකරු වන්නේ ජපානයේ සිට පැමිණි නිහාල් නැමැත්තෙකි.
මෙම ගණුෙදණුවට මන්ත්‍රිවරයාගේ පාර්ශවයෙන්  මැදිහත්ව ඇත්තේ මීගමුවේ ප්‍රසිද්ධ බොරළු සැපයුම්කරුවෙක් වන අතර ඔහු මීට ඉහතදි ද ලක්ෂ 1250 කට ප්‍රදේශයේ දේශපාලකයෙක් විසින් මිළට ගනු ලැබු හෝටල් ගණුදෙනුවේද මැදිහත්කරු ලෙසින් කටයුතු කර තිබුන බවද සැලය.
ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ගේ ප්‍රධානත්වයෙන්  මෑතකදි පැවැති විශේෂ හමුවකදි මීගමුවේ ප්‍රදේශ භාර දිම සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවකදි නැගෙනහිර දළුවකොටුව ප්‍රදේශයට එජාපයෙන් ආණ්ඩුවට සම්බන්ධ වු මාක් සුජිත් මන්ත්‍රිවරයාගේ  නම යෝජනා වු අවස්ථාවේ පළාත් සභා අමාත්‍ය නිමල්  ලංසා මහතා ඊට කැමැත්ත පළකර තිබුනේ නැති බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here