මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති ,මහා සභාවේ නගරාධිපති පුටුවට …

0
668

 

මීගමුව නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා අද දින (08/01/2026) නගර සභා රැස්වීම් ශාලාවේ පැවති, ජනවාරි මස මාසික මහා සභා රැස්වීමේ දහවල් ආහාරයට පෙර සහ ඉන් පසුව සභාව මෙහෙයවීම සිදු කළේය.

මේ වසරේ ජනවාරි මාසයට අදාල මාසික මහා සභා රැස්වීම ,නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින් අද පෙරවරුවේදී ආරම්භ කල අතර , න්‍යායපත්‍රානුකූලව මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදුවූයේ කාරක සභාවන් සඳහා නගරික මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමයි. ඒ අනුව කාරක සභා කිහිපයක නාගරික මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම් නගරාධිපති රොබිට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර දහවල් කාලයෙන් පසුව ඉතිරි වී තිබූ කාරක සභාවන් 02 ක් සඳහා නාගරික මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද විමසීම හා ඉන්පසුව පැවැති කාරක සභා අවස්ථාවන් මෙහෙවීම සහ එතැන් පටන් සභාව පවත්වා ගෙනයාම සඳහාත් නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින්, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතාව සභාව වෙත යෝජනා කළේය.
එහිදී නගරාධිපතිවරයා විසින් ගෙන ආ එම යෝජනාව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා මහතා විසින් ස්ථීර කරන ලදී .

නගර සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙවැනි සිදුවීමක් මීගමුව මහා නගර සභා ඉතිහාසයේ මෑත කාලයේ සිදුවී නොමැති බවයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ සිටි නගරාධිපතිවරුන් විදේශ ගත වු අවස්ථාවලදී පවා නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ට හෝ වෙනත් නාගරික මන්ත්‍රීවරයෙකු වෙත හෝ සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා පවරා නොමැති බවත්, ඒ නිසා අද දින සිදු වු මෙම සිදුවීම මීගමුව මහා නගර සභා ඉතිහාසයේ සිදුවූ දුර්ලභ සිදුවීමක් ලෙසද හඳුන්වා දිය හැකිය.

කෙසේ වෙතත් නගර සභා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ , ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරු පිරිසකගෙන් හා ජාතික ජන බලවේග පක්ෂයේ ප්‍රබලයන් කීහිප දෙනෙකුගෙන් ලද ඉල්ලීමක් නිසා නගරාධිපතිවරයා මෙලෙස නියෝජ්‍ය නගරාපතිවරයාට අද දිනයේ සභාව මෙහෙයවීමට අවස්ථාවක් ලබා දුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here