spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පාක් වලට මොකද වෙන්නේ..?

Must read

මීගමුව ජනතාවට නිදහස්ව හා විවේකයෙන් ගත කරන්නට මීගමුව තුල ස්ථාපිතව තිබෙන පොදු ස්ථාන ක‍්‍රම ක‍්‍රමයෙන් මීගමු ජනතාවගෙන් අහිමි වන ආකාරයක් මෑතක සිට දැකගන්නට ලැබේ. මෙය ඉතා අවසනාවන්ත හා කනගාටුදායක තත්වයකි. නගරයක සංකීර්ණ හා ඒකාකාරී දිවි පෙවෙතකට හුරු වී සිටින ජනතාවට නිදහස්ව හා විවේකයෙන් ගත කිරීමට පොදු ස්ථාන තිබිය යුතුමය. නගරයක ජීවත් වන ජනතාවට තම කායික හා මානසික සුවතාවය සලසා ගනු පිනිස උiාන හා ස්වභාව සෞන්දර්්‍යයෙන් යුත් වෙනත් ස්ථාන නගර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කෙරෙන්නේ මේ නිසාය. ස්වභාව සෞන්දර්්‍යයෙන් අනූන මහජනතාවට වෙන් වී තිබුණු පොදු ස්ථාන කිහිපයක්ම මීගමුව නගරයේද තිබිණිි. එහෙත් එදා මෙදා තුර දක්වා මීගමුව පාලනය වූ නගර සභා පාලනයන් සහ සමහර ප‍්‍රාදේශිය දේශපාලඥයිනගේ් අදුරදර්ශී හා අත්තෝනෝමතික තීන්දු නිසා මීගමුවේ පැවැති ඒ පොදු ස්ථාන කිහිපයක්ම ඉතා අවසනාවන්ත ලෙස මීගමු ජනතාවට අහිමි වෙමින් පවතී.

රාජපක්ෂ උiානය වසා තැබීම මීගමුව ජනතාවට කල විශාල අසාධාරණයකි.

මීට දශක කිහිපයකට කලින් මීගමුවේ ජිවත් වූ ජේ්‍යෂ්ඨ පුරවැසියෙකු වන මුදලි`දු රාජපක්ෂ මැතිදුන් විසින් මීගමුව නගර මධ්‍යයේ ඔහුට අයිති ව තිබූ ආර්ථීක වශයෙන් ඉතා ඉහල වටිනාකමක් සහිත අක්කර අටක ඉඩමක් ‘‘ රාජපක්ෂ උiානය ’’ ලෙස නම් කර මීගමුව මහා නගර සභාවට පවරා දුන්නේ මෙවැනි නගරයක ජීවත් වන ජනතාවට මේ ආකාරයේ පොදු උද්‍යානයකින් සැලසෙන සේවාව හො`දින් අවබෝධ කරගෙනය. එහෙත් පසුගිය නගර සභා පාලනයේදී මෙම උiානය තීම්න් ෆාර්ක් එන්ටර්ටේට්මන්ට් යන ආයතනයකට බදු දීමෙන් අනතුරුව එම ආයතනය විසින් පී.ජී.මාර්ටින් නැමැති ආයතනයකට මෙය ලබා දෙන ලදී. ඉන් පසු එය ඩයිනෝ ෆාර්ක් ලෙස නම් කෙරිණි. විදුලියෙන් කි‍්‍රයාකරන මැරිගෝ රවුන්ඞ් ඇතු`ඵ තවත් විනෝදාංග කිහිපයක්ම එහි විය. වැඩිහිටියෙකුට හෝ පාසල් දරුවෙකුට වුව මේ උද්‍යානයේ විනෝදාංග සම`ග විනෝද වූ විට රුපියල් 1000 කට ආසන්න මුදලක් වැය වුණි. සාමාන්‍ය පවුලකට මෙම උiානයට ගොස් විනෝදවීමට තිබූ ආර්ථික අපහසුතාවය හේතු කරගෙන ජනතාවගේ පැමිණීම බෙහෙවින්ම අඩුවන්නට විය. ඒ නිසාම ඩයිනෝ පාර්ක් විවෘත කර වසරක් පමන කාලයත් තුලදී පාඩු ලබා වසා දමන ලදී. වසා තබන ලද කාලයේ කිසිදු ආදායමක් නොලැබීමෙන් නගර සභාවට මාසිකව ගෙවිය යුතු බදු මුදල් නොලැබීම නිසා නැවත උiානය නගර සභාවට පවරා ගැනිනි. දැන් මාස 20 ක් හෙවත් දෙවසරකට ආසන්න කාලයක්් මීගමුව නගර සභාවට පවරා ගැණුන රාජපක්ෂ උiානය මීගමුව ජනතාවට වසා දමා ඇත. වසා දමන ලද රාජපක්ෂ උiානයේ ආරක්ෂක වියදම් ලෙස මාසිකව රු.120,000 ක මුදලක් මීගමුව මහා නගර සභාව විසින් ගෙවන බවටද පසුගියදා වාර්තා වන්නට විය. එලෙසම රාජපක්ෂ උiානය මල් උiානයක් ලෙස පැවතියේ නම් එයට ඇතුල් වන්නන්ට සු`ඵ මුදලකට ටිකටි පතක් ලබා දී එයින් අවම වශයෙන් රු.75,000 ත් 100,000 ත් අතර ආදායමක් මාසිකව මීගමුව මහා නගර සභාවට ලබා ගැත හැකිව තිබිණි. එහෙත් ආර්ථික අපහසුතා වලින් බරව ඉබි ගමනින් යන මහා නගර සභාවට රාජපක්ෂ උiානය වසා තැබීමෙන් දරන්නට වන පාඩුව ඉතා අධිකය.එපමණක් නොව පාක් එක බදුගත් ටෙන්ඩර්කරුවන් විසින් මසකට ලක්ෂ 5 බැගින් වු ගෙවිමට ගිවිසුම් ගතව සිටියද ඒකි මුදල නොගෙවිම නිසා නගර සභාවටසිදුව ඇති පාඩුව ලක්ෂ 50 කට ආසන්නය. එමෙන්ම එය වසා තැබීම මීගමුව ජනතාවට කරනා මහත් අසාධාරණයකි. මුදලි`දු රාජපක්ෂ මැතිදුන්ටද කරනා මහත් වූ අගෞරවයකි.
මීගමුවේ ජනතාව හා මීගමුවට පැමිණෙන ජනතාව නිදහසේ විනෝද වන්නට පවුල් පිටින් යන ප‍්‍රධානතම ස්ථානය ලෙස මීගමුව මුහුදු වෙරල හැ`දින්විය හැකිය. මීට ඉහතදී නම් මීගමුව මුහුදු වෙරළ ලෙස ජනතාව හැ`දින්වුයේ කොටුව පිට්ටනිය ආශී‍්‍රත මුහුදු වෙරළ ප‍්‍රදේශයයි. එය මනරම් මුහුදු වෙරළ ප‍්‍රදේශයක් ම විය. එලෙසම එය නගරය ආශී‍්‍රතවම පිහිටා තිබූ නිසාම බස්රිය හා දුම්රිය වැනි පොදු ප‍්‍රවාහන සේවාවකින් පැමිනීමට හැකි විය. එහෙත් මීට දශකයනට පමන කලින් ප‍්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ යම් යම් කි‍්‍රයාකලාපයන් හා තීන්දු තීරණ හේතුවෙන් එය කරවල වේලීම ස`දහාත්, ලෙල්ලම ස`දහාත් ලබා දුණි. ඒ අනුව කොටුව පිට්ටනිය ආශී‍්‍රත මුහුදු වෙරළ ප‍්‍රදේශය ජනතාවට අහිමි විය. ඉන් පසුව මීගමුව මුහුදු වෙරළේ සුන්දරත්වය වි`දිමින් නිදහසේ ගත කරන්නට මීගමුව මහා නගර සභාව විසින් ඒත්තුකාල ප‍්‍රදේශයේ සංචාරක හෝටල් පිහිටි කලාපය තුල භූමී භාගයක් වෙන් කර එය මීගමුව වෙරළ උiානය ලෙස නම් කෙරිණි. එය මීගමු නගරයෙන් තරමක් දුරින් පිහිටිීම නිසා පොදු ප‍්‍රවාහන සේවාවකින් පැමීනීමට යම් අසිරුතාවයක් ඇති වුවත් මීගමු ජනතාවට නිදහසේ ගත කරන්නට, පවුල් පිටින් ගොස් විනෝද වීමට හා ස්වභාව සෞන්දර්්‍යයේ සුන්දරත්වය වි`ද ගැනීමට දැනට මීගමුවේ ස්ථාපිතව ඇති එකම පොදු ස්ථානය බවට පත් වූයේ ඒත්තුකාල වෙරළ උiානයයි. මේ නිසාම මේ වෙරළ උද්‍යානයට ජනතාව ඇදී එන්නට විය.

මීගමුවේ බීච් පාර්ක් එක වෙළ`ද භූමියක්ද ?
එහෙත් අද වන විට මීගමුව වෙරළ උiානය හෙවත් බීච් පාර්ක් එක පවුල් පිටින් ගොස් මුහුදු වෙරළේ සුන්දරත්වය වි`දිමින් නිදහසේ ගත කරන්නට සුදුසු ස්ථානයකටත් වඩා එම භූමිය තුල විවිධ ගොඩනැගිලි ඉදිවෙමින් එම භූමියේ ඉඩ ඇහිරී ක‍්‍රමයෙන් වෙළ`ද භූමියක්් බවට පත් ව ඇත. ජනතාවට නිදහසේ සැරිසරන්නට, මුහුදු වෙරළේ අසිරිය වි`දින්නට සහ නිස්කලංකව ගත කිරීමට අවශ්‍ය වටපිටාව හා එම භූමිය සීමිත වීම තුල ජනතාවගේ නිදහසට එල්ල වන්නේ විශාල බාධාවකි. බීච් පාර්ක් එකට පවුල් පිටින් නිතර යනෙන පිරිස් අවධාරනය කරන්නේ මෙහි ඉඩ කඩ සීමිත වීම මෙහි යනෙන ජනතාවට විශාල බාධාවක් වී ඇති බවයි. තතු මෙලෙස තිබියදී පසුගියදා වාර්තා වුයේ බීච් පාර්ක් හී බෝට්ටු හැඩයට තනා ඇති ආපන ශාලාව ළ`ග යුහුසු`ඵව ඉදිවෙමින් පවතින ඉදිකිරීම පිහිනුම් තඨාකයක් බවයි. ඇතුමෙකු පවසන්නේ එම ඉදිකිරීම අවිස්සාවේල්ලේ ඇති ‘‘ ලේෂර් වර්ල්ඞ් ’’ හී ඇති ඉහල සිට පහලට ලිස්සා දියමතට වැටෙන සේ ජල කී‍්‍රඩා කරන ස්ථානයක් බවයි. මේ කුමන ඉදි කිරීමක් හෝ ඉදි වන්නේ ජනතාවට නිදහසේ ගත කරන්නට තිබෙන භූමිය තුලය. එලෙසම මේ කුමන ඉදි කිරීමකින් හෝ ජනතාවට අවසානයේ සිදු වන්නේ මුදල් ගෙවා විනෝදාස්වාදය ලබා ගැනීමටය. එහි අවසන් ප‍්‍රතිඵලය බවට පත් වන්නේ බීච් පාර්ක් එක තව තවත් වෙළදාම්පලක් බවට පත් වීමයි. මේ තත්වය තුල මීගමුව වෙරල උiානය, නිස්කලංකව හා නිදහස්ව ගත කිරීමට කැමති ජනතාව වෙතින් දුරස් වෙමින් පවතී.

ඇත්තෙන්ම මෙහි ඉදිකෙරෙන්නේ කුමක්ද?
මේ පිලිබ`දව මීගමුව වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තු කාර්්‍යාලයේ ප‍්‍රාදේශිය ඉංජිනේරු රූපසිංහ මහතා පවසන්නේ බස්නාහිර පලාත් සභාවේ ……………………………. විසින් මීගමුව බීච් පාර්ක් හී පිහිනුම් තඨාකයක් හා ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරීම ස`දහා අනුමැතිය ඉල්ලා ඇති අතර වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් පිහිනුම් තඨාක හැර ඉතිරි ගොඩනැගිලි ඉදිකිරීම ස`දහා අනුමැතිය ලබා ඇති බවයි. පසුගිය කාලයේ රජය විසින් පනවන ලද වෙරලේ සිට ගොඩබිමට බලපාන මීටර් 100 සුනාමි නීතියද මේ වන විට කි‍්‍රයාත්මක නොවන පසුබිමක මෙම ඉදිකිරීම සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ලෙසත් මහජන සුභ සාධක වැඩ සටහනක් ලෙසත් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවින් වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවට ඇති විශේෂ ප‍්‍රතිපාදන මත ජල තලයේ සිට ගොඩබිමට බලපාන මීටර් 45 සීමාව ස`දහා පවතින නීතියද නොතකමින් මෙම ඉදිකිරීමට අවසර ලබා දී ඇතැයි තමා විස්වාශ කරන බවද රූපසිංහ මහතා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුන් පිහිනුම් තඨාකයක් මෙහි ඉදි කෙරේ නම් එය වහාම නැවැත්වීමට තම කාර්්‍යාලය කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

බීච් පාර්ක් එක සම්බන්ධයෙන් නගර සභාවේ වගකීම. මේ ස්ථානය වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බැවින් දෛනිකව පිරිසිදු කිරීමත්, එහි විදුලිය ලබා දීමත් සිදු කෙරෙන්නේත් මීගමුව මහා නගර සභාව බැවින් එම වියදම් පියවා ගැනීම ස`දහා මෙහි රථ වාහන ගාල් කිරීම හා එහි වැසිකිලි පද්ධතිය නඩත්තු කිරිම ස`දහා වන ටෙන්ඩරය පමනක් මීගමුව මහා නගර සභාවට ලබා දී ඇති බවත් නගර සභාව විසින් පසුව එය පෞද්ගලික ටෙන්ඩර් කරුවෙකුට ගිවිසුම් ප‍්‍රකාරව පවරා දී බවත් මීගමුව නගරාධිපතිවරයා පවසයි. ඒ හැරෙන්නට බීච් පාර්ක් එක සම්බන්ධයෙන් වෙනත් කිසිදු අයිතියක් මහා නගර සභාවට නැතැයිද අයිතිය බදුකරුට නොමැති බවයි. එහෙත් වාර්තා වන පරිදි බීච් පාර්ක් හී අයිස්කී‍්‍රම් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සිටී. එම ව්‍යාපාරිකයන් දෙදෙනා වසරකට රු.400,000 ක පමන මුදලක් ව්‍යාපාර ගාස්තු වශයෙන් ගෙවයි. එලෙසම මෙහි කඩල විකුනන අය 15 දෙනෙකු පමන සිටී. එක් කඩල කරුවෙකු රු.5000 ක පමන මුදලක් ගෙවයි. බැලූම් කරුවෙකුට මසකට 10000 ත් 15000 ත් අතර මුදලක් ගෙවීමට සිදු වෙන බවද වාර්තා වේ. එලෙසම මෙහි ඇති ළමා උයනේ ඇති සෙල්ලම් දුමිරියට වසරකට රු.200000 ක් පමන ලබා දිය යුතු බවද වාර්තා වේ. ගිවිසුමේ ස`දහන් නොවන මේ ගාස්තු සම්බන්ධව නගර සභාව පරීක්ෂා කර බලනවාදැයි සැක සහිතය.
තවද බීච් පාර්ක් තුල මත්පැන් පාව්ච්චි කිරීම තහනම් වන අතර ඒ සම්බන්ධයෙන් බදු පාර්ශවය සැලකිලිමත් විය යුතු බව බදු ගිවිසුමේ ස`දහන් ව ඇතත් සමහර සති අන්ත වලදී බීමත් පුද්ගලයින් හැසිරෙන ආකාරයත් හා එවැනි සිදුවීම් වලදී බදු පාර්ශවය ඒ පිලිබ`දව සැලකිලිමත් නොවීම මෙහි නිදහස්ව කාලය ගත කිරීමට පවුල් පිටින් පැමිනෙන අයට සිදුවන මහත් වූ හිරිහැරයක් සේම මහත් වූ අපහසුතාවයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article