spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පාතාල දේශපාලකයන් බිහිවිමට මාධ්‍යවේදින්ද වගකිව යුතුයි ?

Must read

index

(6.00pm ) පුංචි රෝමය යැයි විරුදාවලියක් ලබා තිබුණු මීගමුව දැන් චිකාගෝ නුවරක් වි ඇත.
දැහැමි නිහතමානි දේශපාලකයන් රැසකට උරුම කම් කී  මිගමුව,  පාතලකරණය විම ඇරඹුනේ ආනන්ද මුණසිංහ නැමැති දේශපාලකයාගේ ආගමනයත් සමගින් බව අද මීගමුවේ දේශපාලනය ගැන දැනුමක් සහිත පුද්ගලයන්ගේද මතයයි.
එතැනින් ඇරඹි දේශපාලනය පතාලකරණය විම තවත් ඉදිරියට ගියේ නිමල් ලංසාගේ දේශපාලන ප්‍රවේශයත් සමගින්ය.
මීගමුවේ පාලන බලය මේ ආකාරයෙන් පතාලකරණය වු පවුලක් අතට පත්විමෙන් පසු අද එය පිමි පනිමින් වර්ධනය වන්නට පටන්ගෙන ඇත්තේ දයාන් ලංසා නැමැති දේශපාලකයා විසින් සිය දේශපාලන භුමිකාව රගදක්වන්නට පටන් ගැනිමත් සමගිනි.
එහෙත් අවාසනාව වන්නේ මෑතකාලිනව සිදුවු මේ බොහොමයක් මැර ක්‍රියා ගැන මීගමුවේ සිංහල බහුතරයක් මාධ්‍යවේදින් කිසිවක් නොලියා සිටිමය.
කපිල නන්දසුලෝචන නම් වු හිටපු නාගරික මන්ත්‍රිවරයාට මන්නා පිහිප්‍රහාරයක් එල්ලවිය.
මීගමුවේ ප්‍රශ්ණ ගැන කවදත් බුද්ධිමත් ලෙසින් මහනගර සභාව තුල අදහස් ඉදිරිපත් කළ වෛද්‍ය හේන්රි රොසයිරෝට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලවිය.
තවත් විටක විපක්ෂ නායකවරයාගේ වාහනයේ හුලං ඇර තිබුණි.
මහ නගර සභා රැස්විමක් වාර්ථා කරන්නට ගිය මාධ්‍යවේදියෙකුට මහදවල් නගර සභා භුමිය තුලදිම පොලු ප්‍රහාරයක් එල්ල විය.
ඩෙංගු මර්ධන කටයුතු වල නිරතව සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට මැර තර්ජනයක් සිදුව තිබුණි.
එපමණක් නොව මීගමුව මහනගර සභාවේ ලේකම්වරියට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් සිය කාමරයට කැදවා අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදිම නිසා ඇගේ රුධිර පිඩන තත්වය වැඩිවිම හේතුවෙන් රෝහල්ගත කරන්නට පවා සිදුවිය.
මේ සිදුවිම ගැන වඩාත් හොදින්ම දන්නේ හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවීරය.
එහෙත් මෙවන් නරුම ක්‍රියාවක් ගැන රටට ලෝකයට කියන්නට මීගමුවේ සිටින බහුතරයක් වු සිංහල මාධ්‍යවේදින් අපොහොසත් විය.
මැරයන්ගේ පාතාල ක්‍රියා ජනයාගෙන් වසන් කිරිමට මේ ආකාරයෙන් මාධ්‍යවේදින් කටයුතු කිරිමෙන් සිදුව ඇත්තේ මැරයන් හට ලයිසන් දිමක් වැනි තත්වයකි..
පැවැති ලංසා හවුල් පවුල් පාලනය නිවරදි යැයි කියන්නට  ලංසා පවුල විසින් නඩත්තු කරනු ලබන සමාජ මාධ්‍යකරුවන් කිපදෙනෙකුම දැන් කටයුතු කරමින් සිටින බව පෙනේ.
වෙනත් නගර හා සැසදිමේදි මීගමුව තුල සිදුවන මෙවැනි බොහොමයක් දැ ජනතාවට අතරට යන්නේ නැත.
පොලිසිය හා උසාවිය අතර පමණක් දෝලනය වන වාර්ථාකරණය සිය ජිවන වෘත්තිය කරගත් බහුතරයක් වු වාර්තාකරුවන් පිරිසක් මීගමුව තුල සිටිම හේතුකොට මැරයන්ගේ පාතාල දේශපාලනයටද දිනපතා ලයිසන් ලැබෙමින් තිබේ..
එබැවින් අද මීගමුවේ ජනයා හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම සංවර්ධනය කරා යා හැකිව ඇති නගරය වන මීගමුවේ පාලනය නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරිමට සක්‍රිය මැදිහත්විමය.

කණිෂ්ක පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article