spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පාපන්දු ක්‍රිඩාව විනාශ කරන මාෆියාවට එරෙහිව ක්‍රිඩා සංගම් සටනට ..

Must read

12මීගමුවේ පාපන්දු ක්‍රිඩාවේ ස්වර්ණමය යුගයක් විය. ඒ ජාතික කණ්ඩායමටද ක්‍රිඩාකරන ක්‍රිඩකයන් රැසක් බිහිකළ යුගයකයි.
ඉන්පසුව ක්‍රිඩාව අභිබවා වෙළදාම පෙරට ඒම නිසා මීගමුවේ පාපන්දු ක්‍රිඩාව අභාවයට යන්නට පටන් ගත්තේය.
මෙහි ප්‍රධාන චුදිතයා වන්නේ පාපන්දු ක්‍රිඩකයෙකු නොවන ව්‍යාපාරිකයෙකු වු රංජිත් රුදිගු නැමැත්තාය.
ඔහුගේ අන්තනෝමතික පාලනය විසින් මීගමුවේ පාපන්දු ක්‍රිඩාවට වලපල්ලට ගොස් ඇත.
වසර 14 ක් තිස්සේ මීගමුව පාපන්දු ලිගයේ සභාපති ලෙස කටයුතු කරමින් මීගමුවේ පාපන්දු ක්‍රිඩාව දියුණු කිරිම හැර අන්සියල්ල කරගෙන තිබේ.
මේ සියලු කරුණු වාර්තා වුයෙේ මීගමුවේ පාපන්දු ක්‍රිඩා සමාජ කිපයක්ම මීගමුවේ පාපන්දු ලිගයේ උප සභාපති කපිල නන්ද සුලෝචන මහතා සහ දොන් බොස්කෝ ආයතනයෙ පාලක ගරු පින්ටෝ පියතුමන්ගේ  ප්‍රධානත්වයෙන් මීගමුවේ පැරඩයිස් බිච් හෝටලයේදි පැවති පුවත් පත් සාකච්ජාවකදිය.
මෙහිදි මීගමුවේ පාපාන්දු ක්‍රිඩාවේ අද තත්වය ගැන මහත් වේදනාවකින් අදහස් ඉදිරිපත් කළ ගරු පින්ටෝ පියතුමන් කියා සිටියේ රංජිත් රුද්‍රිගු  නැමැත්තාගේ මාෆියාව විසින් මීගමුවේ පාපන්දු ක්‍රිඩාව විනාශ කරමින් තිබෙන බවය.
සාධාරණ නිළවරණයක් ස්වාධින ස්ථානයකදි පවත්වන්නට අපොහොසත් වු රංජිත් රුද්‍රිට එරෙහිව මීගමුවේ පාපන්දු ක්‍රිඩාවට ආදරය කරන සියල්ලෝම එක්රැස්වි මේ මාෆියාවෙන් පාපන්දු නිදහස් කරගත යුතු බවට මීගමුව පාපන්දු ලිගයේ උපසභාපති කපිල නන්ද සුලෝචන අවාධාරණය කර සිටි.
ජාත්‍යන්තර මට්ටමේ අත්දැකිම් ලබා ඇති ප්‍රවින පාපන්දු පුහුණුකරුවෙකු වු නවා ප්‍රින්ස් මහතා විසින් රංජිත් රුද්‍රිගු මහතා හට ප්‍රබල අභියෝගයක් මෙහිදි මුදා හලේය.
එනම් ඔහුගේ දශක 4 කට ආසන්න ඔහුගේ පාපන්දු ක්‍රිඩා දිවිය තුල රංජිත් රුද්‍රිගු  මහතාව පාපන්දු ක්‍රිඩයෙකු ලෙසින් හමුවි නැති බවය.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ කුමක්ද ?
මීගමුවේ පාපන්දු ක්‍රිඩාවට අද සිදුව ඇත්තේද එයයි.
මෙම පුවත්පත් සාකච්ජාව සදහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා මහතාද එක්ව සිටියේය. ඔහු රෙඩ් රෝස් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබයි. මේ සියල්ලෝම අවධාරණය කර සිටියේ එළඹෙන මීගමුව පාපන්දු ලිගයේ නිළවරණය අපක්ෂපාතිව ස්වාධින ස්ථානයක පැවැත්විමට සදහා වන සටන දිගටම ගෙනයන බවය.
මේ සටන සදහා ක්‍රිඩා ඇමතිවරයාගේද පුර්ණ සහාය ලැබි ඇතැයිද මෙහිදි වාර්තා විය.3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article