spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පැහැදිලි ජනමතය කළු සල්ලි වලින් කොල්ල කෑ බව රටම දැනගනී !

Must read

DSC_0181මීගමුවේ ජනමතය පැහැදිලි ලෙසින්ම කළු සල්ලි වලින් කොල්ල කෑ බව රටට දැනගන්නට කියන්නට එජාපය මාර්තු 25 වනදා පැවැති පුවත්පත් සාකච්ජාවේදි සමත්ව තිබුණි.
ඒ ඔවුන් විසින් පවත්වන්නට යෙදුන පුවත්පත් සාකච්ජාව සියලුම ප්‍රවෘත්ති නාලිකාවන් හි ඉහල ප්‍රතිචාරයක් ලැබිමත් සමගින්ය.
මෙහිදි අදහස් ඉදිරිපත් කරමින් එජාප මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත කියා සිටියේ කලු සල්ලිවලින් සිදුකරන ලද මේ මංකොල්ල කැම පැහැදිලිව ජනසම්මතවාදය කොල්ලකෑමක් බවය.
මෙයට ප්‍රතිචාර දක්වමින් ඊට පසු දිනයේ එක්තරා නාලිකාවක පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා කියා තිබුනේ රොයිස් විජිතගේ චර්යාව හොද නැති නිසා ජයගන්නට බැරි වු බවය.
මේ පිළිබදව අප කළ විමසුමකදි එජාප ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ ලංසාගේ මේ ප්‍රකාශය කොහෙද යන්නේ මල්ලේ පොල් වැනි එකක් බවය.
තවදුරටත් කියා සිටියේ නිමල් ලංසාට සරල අංක ගණිතයවත් දන්නේ නැති බවය.
එජාපයට 29 න් 19 ක්
මීගමුවේ කොට්ටාශ 29 න් 19 ක් දිනන්නට රොයිස් හැකිවිමත් නිමල් ලංසා විසින්ම කාඩ් බෙදා පොස්ටර් අලවා තමන් ඡන්දය ඉල්ලන බවට ඡන්ද දායකයා මුලාකරමින් දැවැන්ත මැතිවරණ සටහනක් දියත් කර තිබුණද ඔහුගේ පොහොට්ටුවට හැකිව තිබුනේ කොට්ටාශ 7 ක් පමණක් දිනා ගැනිමටය.
එජාප 19 න් 19 ම ඇත්ත මන්ත්‍රිධුර …
එමෙන්ම ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ එජාප මන්ත්‍රිවරුන් 19 යනු කොට්ටාශ මට්ටමින් දිනපතා ගෙවල් ගානේ ගොස් රැස්විම් පවත්වා මහන්සි වි පත්වු ඇත්ත මන්ත්‍රිධුර බවය.එවන් මන්ත්‍රිධුර පොහොට්ටුවට ඇත්තේ 7 ක් පමණි.
ඉතිරි සියල්ල මොනවාදැයි මීගමුවේ ජනතාව හොදින් දන්වා යැයිද ඔහු කිවේය.ඡන්ද 19 ක් පමණක් ගත්තු කණඩායම් නායකයෙක් යැයි කියාගත් මන්ත්‍රිවරයෙකුද පොහෙොට්ටුවේ මන්ත්‍රිධුර ලයිස්තුවේ සිටිම ගැන නිමල් ලංසා වැනි අයෙකු ලැජ්ජා විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.
කාගේ චර්යාවද වැඩියෙන්ම අප්සට්
මේ සරල ඇත්ත නොදන්නා නිමල් ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගෙන් ආදාල එජාප ක්‍රියාකාරිකයා විමසා සිටියෙ කෝට්ටාශ 29 න් 7 ක් පමණක් ජයගැනිමට හැකිවිම විසින් පෙන්වා සිටින සරල සත්‍ය වන්නේ නිමල් ලංසාගේ මෙන්ම දයාන් ලංසාගේ චර්යාව හොදනැති කම නොවේද යන්නයි.
එය මිගමුවේ බහුතරයක් ජනයා දන්නා නිසාම ඒ අයට මෙවැනි ප්‍රතිථලයක් ලබාදුන් බව තවදුරටත් ඔහු කියා
සිටියේය
දයාන් ලංසා කලු සල්ලි බලයෙන් අද නගරාධිපති වුවද අඩුම තරමින් ඔහුට ඡන්දය ඉල්ලා ගෙවල් ගානේ යන්නට බැරි තරමට ඔහුෙග් චරිතය අප්සට් නිසාම නිමල් ලංසාට ගෙවල් ගානේ යමින් ඡන්දය ඉල්ලන සිදුව තිබුණ බවද එජාප ක්‍රියාකාරිකයා තවදුරටත් සදහන් කර සිටියේය.
ඊයේ (මාර්තු 25 ) දිනයේදි පොහොට්ටුව විසින් කැදවා තිබුණ පුවත්පත් සාකච්ජාව ගැනද  එජාප ක්‍රියාකාරිකයා අදහස් පළකර සිටියේය.
නිමල් ලංසා විසින් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය අමතක කරමින් රොයිස් විජිතගේ  ඇසේ ඇති පොල් කෙන්ද ගැන කථා කළ බවය.
රොයිස් විජිත හොරෙක් බවත් නඩු ඇති බවත්  මුළු මිගමුවත්  රටත්  දන්නා නිසා මේ පරාජය එජාපයට හිමිව තිබුණ බව නිමල් ලංසා රටට කියන්නට උත්සාහ කර තිබුණ බවද ඔහු සදහන් කර සිටියේය.
නිමල් ලංසා විසින් කර තිබුණ ප්‍රකාශයට පිළිතුරු දුන් අදාල ක්‍රියාකාරිකයා විමසා සිටියේ පාවහන් පැළද පාපැදියෙන් මහනගර සභාවට මිට වසර 10 කට පමණ ඉහතදි පැමිණි නිමල් ලංසා මේ වන තමන්ට අහිමි මන්ත්‍රිධුර 6 ක් ගැනිම සදහා ලක්ෂ 500 ක් සහ කැමති මෝටර් රථයක් දිමට කථා කරන්නේ මාළු අල්ලා හම්බකරගත් සල්ලි වලින්ද යැයි කියාය.
එබැවින් අද නිමල් ලංසා ගලඋඩකැත කළ බළලෙකුගේ තත්වයට වැටි ඇතැයි  කි එජාප ක්‍රියාධාරයා මහජන මුදල් කොල්ලකැම තරම් රාජකිය හොරකම් ගැන චෝදනාවක් තම පක්ෂයේ මීගමුවේ නායකයා වෙත තවමත් නැති බවද කියා සිටිායේය
ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ මෙම පුවත් පත් සාකච්ජාවේදි දයාන් ලංසා විසින් ඉදිරිපත් කරන ලද අදහස ගැනය.
කළු සල්ලි කියන්නේ මොනවද කියල අපි දන්නේ නෑ- දයාන් ලංසා
දයාන් ලංසා විසින් එහිදි කියා තිබුණේ කළු සල්ලි කියන්නේ මොනවාදැයි තමන් නොදන්නා බවය.
මේ ගැන අදහස් පළ කළ එජාප ක්‍රියාකාරිකයා කියා සිටියේ ස්ථිර රැකියාවක්වත් නැති දයාන් ලංසා ලක්ෂ 300 කටත් වැඩි වැයක් දරා  නිවසක් තනාගත්තේ කෙසේ දැයි මහජනයා අසන ප්‍රශ්ණය තුල ඇති තිත්න ඇත්ත නම් මේ කළු සල්ලි කථාවම බවය.
එජාපෙට ගියොත් නියෝජ්‍ය නගරාධිපතිකම විතරයි ! පොහොට්ටුවට ගියොත් ඒ වගේද තව කොච්චර දේවල් ලැබෙනවද ????
මෙම පුවත් පත් සාකච්ජාවේදි ශ්‍රිලනිප සමසංවිධායක එම් සකාවුල්ලා පැවැසු අදහස් ගැනද විවේචනයක් ඉදිරිපත් කළ අදාල ක්‍රියාකාරිකයා කියා සිටියේ සකාවුල්ලාට ඇතුළු මන්ත්‍රි පිරිසට එජාපය හා එක්වුනේ නම් ලැබෙන්නේ නියෝජ්‍ය නගරාධිපතිධුරය පමණක් බවත් පොහොට්ටුව හා එක්ව වු එම පිළට නියොජ්‍ය නගරාධිපතිධුරයට අමතරව තවත් වරදාන නිවාස යාන වාහන ඇතුළු බොහෝ දේ ලැබෙන බවය.
එම නිසාම ජනාධිපති සිරිසෙනවද ආරක්ෂා කරගෙන පොහොට්ටුවට යාමට තින්දු කරා යැයි කිම අස්සේ ඇති තක්කඩි කම හොදටම හෙළිවු බවද ඔහු අවධාරණය කර කියා සිටියේය..
මුස්ලිම් ජනයාගේ ඡන්ද පාවාදිම
එපමණක් නොව එළඹෙන පළාත් සභා මැතිවරණයේදි සිය පළාත් සභා මන්ත්‍රි සිහිනය වෙනුවෙන් සකාවුල්ලා විසින් මේ දැවැන්ත පාවාදිම සිදුකරන ලද බව වඩාත් හොදින්ම දන්නේ ඔහු නියෝජනය කරන මුස්ලිම් ජනතාව බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.අම්පාරේ සහ දිගන තෙල්දෙණිය ප්‍රදේශවලදි මුස්ලිම් ජනයාට දේපල ගිණිබත් කොට මුස්ලිම් පල්ලි ගිණිතැබිම ගැන චෝදනා ලැබ ඇති පක්ෂයකට මීගමුවේ මුස්ලිම් ජනයාගෙන් එකතු කර ගත් ඡන්ද ටිකත් අරන් සිදුකරන ලද පවාදිම ගැනද එජාප ක්‍රියාකාරිකයා සදහන් කර සිටියේ එවන් පාවා දිමක් සිදුකළ හැක්කේ කිනම් දේශපාලකයෙකුටදැයි මේ සමාජය දැනගත යුතු බවද මතක් කර දෙමිනි.
මුස්ලිම් ජනයාට මිගමුවේදි ආරක්ෂාව සැලසිම සදහා අනික් සියල්ලෝ නිහඩව සිටියදි හදිසි රැස්විමක් කැදවා ඒ සදහා ඉදිරිපත් වුයේ කව්දැයි මීගමුවේ මුස්ලිම් ජනයා හොදින්ම දන්නා බවද අවධාරණය කර සිටියේය.ඒ නිමල් ලංසා,හෝ සරත් ගුණරත්න නොවන බවද මීගමුවේ මුස්ලිම් ජනයා දන්නා බවද ඔහු අවසන් වශයෙන් අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article