spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ බාලිකා පාසැලක අමුතු ජාතියේ කාල බෝම්බයක් !

Must read

newstead NGB( 8.30 am ) මීගමුවේ බාලිකා පාසැලක කාල බෝම්බයක් ඇති බවට එහි උසස් නිළයක් දරන අයෙකු වෙත   දුරකථන ඇමතුමක් ඊයේ ලැබි තිබුනේ යැයි වාර්ථා විය.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වු ගුරු මණ්ඩලය දරුවන් පිට්ට්නියට කැදවා තිබුණ අතර පොලිසිය සහ හමුදාව පැමිණි සියළු ගොඩනැගිලි පරික්ෂාවට ලක් කර තිබුණි.
එහෙත් කිසිවක් හම්බවි තිබුනේ නැත.
තතු එසේව තිබියදි මේ බාලිකා පාසැලේම ඇතැයි කියන වෙනත් කාල බෝම්බයක් ගැන පසුගිය දිනක එහි ගුරුමණ්ඩලය විසින් මෙන්ම ආදි සිසුවියන් විසින්ද විදුහල්පතිණියට පැමිණිලි කර තිබුණි.
එපමණක් නොව පාසැලට ඇත්තටම ආදරය කරන ඇතමුන් විසින් රජයේ බලධාරින් රැසකටද පොලිසියටද මේ ගැන දන්වා තිබේ.
කෙසේ වෙතත් පමා වි හෝ දැන් පොලිස් අධිකාරි කාර්යාලය විසින් පරික්ෂණ අරභා ඇතැයි දැනගන්නට ඇත.
විදුහල්පතිණියද මේ කාල බෝම්බය ඉන් ඉවත් කිරිමට කිසිදු පියවරයක් ගන්නා බවක්ද නැතැයි දිනෙන් දින චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ බරපතල තත්වය ගැන පසුගිය දිනක දෙමව්පියන් දැනුවත් කිරිම සදහා අත්පත්‍රිකාවක්ද බෙදා හැර තිබුණි.
පාසැලේ දැරියන් අතරේ තව නොබො දිනකින් පුපුරා ගොස් මහත් වු විනාශයක් කිරිමට තරම් වු මේ බරපතල තත්වය ගැන විදුහල්පතිණියට නොකර සද්ද සිටින්නේ ඇයිදැයි ප්‍රශ්ණයකි. මේ පිළිබද කඩිනමින් විධිමත් අපක්ෂපාති පරික්ෂණයක් සිදුකොට ඇතිවිය හැකි යැයි අනුමාන කළ හැකි විනාශකාරි තත්වය කළමණාකරණය කිරිමට නොපමාව කටයුතු කළ යුතුව තිබේ.
පාසැලට මෑතක සම්බන්ධ වු ගුරුවරයෙකුගේ නොමනා හැසිරිම් හේතුවෙන් දැනටමත් ගැටළු රැසක් මතුව තිබේ.මෙය ඇත්තටම කාල බෝම්බයකට වඩා භායනක වි ඇත්තේ දැනටමත් එකි ගුරුවරයා විසින්ම තමන් කොයිතරම් නම් විනාශකාරිදැයි පාසැලටම දැනෙන්නට සලස්වා ඇති බැවිනි.
ඔහු සතු ටැබ් එකද මෙයට ඕනෑතරම් සාක්ෂි සපයා දි තිබේ යැයි කියන්නේ පාසැලේම දැනඋගත් පාසැලට සැබැවින්ම ආදරය කරන අයවලුන්ය.
මිගමුවේ පාසැලක සිට මේ බාලිකා පාසැලට අදාල  ගුරුවරයා සංගිතය ඉගැන්විම සදහා පැමිණ තිබේ.
ඇත්තටම ඔහු මේ බාලිකා පාසැලේ තව ටික දිනකින් පුපුරා යාමට නියමිත අමුතු  ජාතියේ කාල බෝම්බයක් විය හැකිය තිබේ.
විදුහල්පතිතුමියෙණි මේ ඔබේ අවධානය පිණිසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article