, ඉදිරි වැසි කාලයේ මීගමු ජනතාවට ඩෙංගු අවධානමට අමතරව තවත් මාරාන්තික අවධානමක් ලෙස ” මී උණ ” රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමට වැඩි හැකියාවක් පවති.
පසුගිය ජුලි 24 වැනිදා (24/07/2025) මීගමුව කාමච්චෝඩේ, වෙළඳපොළ ආශ්‍රිත ප්‍රදේශයේදී මී උණ රෝගය වැළදීමෙන් 21 හැවිරිදි මොහොමඩ් සලිම් මොහොමඩි අන්වර් නැමැති අවිවාහක මුස්ලිම් ජාතික තරුණයෙකු මියගොස් ඇති බවද වාර්තා වුණි.
පසුගිය අගෝස්තු මස 15 දින (15/08/2025) පැවති මීගමුව සංවර්ධන කමිටු රැස්වීම්වලදී ද මීගමුව වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් පෙරේරා මහතා මේ සම්බන්ධව වගකිවයුතු බලධාරීන් හා නිලධාරීන්ගේ අවධානයට ලක් කෙරිණි.
” මී උණ ” වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ කුඹුරු ආශ්‍රිතව බවත් , එහෙත් මීගමුව තුළ එම තත්ත්වය සම්පූර්ණ වෙනස් එකක් බවත් , මීගමු තුළ අප ජලය සහ වැසි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් එම ජලය රැඳී පවතින ස්ථාන වල වෙසෙන ජනතාවට ,මී උණ රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කලේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීයන්ගේ මුත්‍රා වල ඇති “ලෙප්ටෝස්පයිරා”
(Leptospira) නැමැති බැක්ටීරියාව හේතුවෙන් මී උණ රෝගය වැළඳෙන බවයි. මෙම බැක්ටීරියාව සාමාන්‍ය මතුපිටක මෙන්ම ජලය රැඳී ඇති ස්ථානයක මාස 03 කට වැඩි කාලයක් සක්‍රීයව පැවතිය හැකි බවත්. එනිසා එවැනි ජලවහන පද්ධතියක් සමග ගැටෙන පුද්ගලයන්ගේ විශේෂයෙන්ම කකුල් වල තිබෙන සුළු තුවාලයකින් හෝ මෙම බැක්ටීරියාව ශරීර ගත වී, මී උණ රෝගය වැළඳීමේ ඉතා දැඩි අවධානමක් පවතින බවයි.
මී උණ රෝගය වැළඳී , එය උත්සන්න වීමෙන් ඉතා අවාසනාවන්ත ලෙස මිය ගිය පෙර සදහන් කළ මුස්ලිම් ජාතික තරුණයා විසු කාමච්චෝඩේ වෙළඳපොළ සමීපයේ ඇති ඇලෙක්ස් පාර ද එලෙස වැසි ජලය සහ අප ජලය බැස නොයන කානු මාර්ගයක් ඇති අතර එම මියගිය තරුණයා විසු නිවස පිහිටි ස්ථානය ආසන්නයේද එලෙස එක් රැස්වී ඇති වැසි ජලය සහ අප ජලය බැස නොයන ස්ථාන කිහිපයක් ම ඇති ප්‍රදේශයක් බවද වාර්තා වුනි.
එම තරුණයාගේ මරණය සැලවූ පසු එම තරුණයා විසූ නිවස පිහිටි එම ප්‍රදේශවාසී ජනතාවද මීගමු මහා නගර සභාවට බරපතල ලෙස චෝදනා එල්ල කර තිබිණි.
එයට හේතු වූයේ මිය ගිය තරුණයා විසු නිවස පිහිටි කාමච්චෝඩේ වෙළඳ පොල ආශ්‍රිත ප්‍රදේශය දැඩි අපවිත්‍ර හා අපිරිසිදු ප්‍රදේශයක් ලෙස පැවතීමත්, එහි වැසි ජලය හා අප ජලය බැස යාමට විධිමත් සහ ක්‍රමවත්, කානු පද්ධතියක් නොමැති වීමත් නිතරම එම ප්‍රදේශය අප ද්‍රව්‍ය වලින් හා කැලිකසළ ගහන ප්‍රදේශයක් බවට පත්වීම නිසාත් එහි මැසි මදුරු උවදුරු මෙන්ම මීයන්ගේ ගහණයද ඉතා අධික ලෙස පවතින බව පවසමිනි.
ඒ නිසා එම ජනතාව මීගමුවේ සෞඛ්‍ය බලධාරින්ගෙන් මෙන්ම නගරාධිපතිවරයා ඇතුළු සමස්ත මහා නගර සභාවටත් චෝදනා කර සිටියේ කාමච්චොඩේ වෙළඳපොළ ප්‍රදේශය කැලිකසල සහ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට මෙන්ම අප ජලය සහ වැසි ජලය නිසි ලෙස මෙහි ඇති කානු පද්ධතිය හරහා බැස නොයෑම වැනි හේතුන් වලට විධිමත් හා ක්‍රමවත් විසඳුමක් ලබා දීමට අපොහොසත් ව ඇති බව පවසමිනි.
කෙසේ වෙතත් මේ වන විටත් කාමච්චෝඩිය ප්‍රදේශයේ අප ජලය සහ වැසි ජලය එම වෙළෙඳපොලේ මාර්ගවල විසිරී පැතිරී පවතින ආකාරය දැක ගත හැකිය එම වෙළඳපොළ ප්‍රදේශයේ පවතින එම තත්ත්වයට තාවකාලික විසඳුමක්වත් ලබාදීමට මීගමුව මහා නගර සභාවේ ඉංජිනේරු අංශයේ බලධාරීන් තවමත් අපොහොසත්ව ඇති බව පෙනීයයි.












