මීගමුවේ විශ්‍රාමික ග්‍රාම නිලධාරීන්ට සතුට ප්‍රීතිය ලබාදීම සඳහා සේවයේ නියුතු ග්‍රාම නිලධාරින් එක්වෙයි.

0
243

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව කලක් සේවය කර විශ්‍රාම දිවියට පත්ව සැඳෑ සමය භුක්ති විඳින විශ්‍රාමික ග්‍රාම නිලධාරීන්ගේ මානෂික සුවය ඇතුළු වින්දනය හා සතුට ලබා දීමේඅරමුණින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයට අනුයුක්තව දැනට සේවයේ නියුතු ග්‍රාම නිලධාරින් විසින් සංවිධානය කළ සුහද හමුවක් 07 වෙනිදින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලාවේදී දවස පුරා සිදු කරන ලදී.

මීගමුව ප්‍රාදේශීයය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සුහද හමුව ග්‍රාම නිලධාරී සුභසාධක සංගමයේ ලේකම් පී. ප්‍රියන්ත ජයවර්ධන හා සභාපති ජූඩ් කෝස්තා යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණි.
පැවති නැටුම් ගැයුම් ඇතුළු විවිධ අවස්ථාවන්වලදී එම නිලධාරින් සහභාගි වෙමින් මෙම අවස්ථාව ඉතාම සතුටින් ගත කළහ.තැනින් තැන විසිරී ජීවත්ව සිටින එම ග්‍රාම නිලධාරීන්ට තම හිතවතුන් මුණගැසී සතුටු සාමිචියේ යෙදීමටත් මෙය අවස්ථාවක් වූ අතර තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටද මේ තුළින් අවස්ථාව ලැබුණු බවත් ඔවුන් පැවසූහ,පරිපාලන ග්‍රාම නිලධාරීහුද මෙම අවස්ථාව එක් වූහ.

මෙම උත්සවයට පෙර දින මියගිය ග්‍රාම නිලධාරින් හා ඔවුන්ගේ ඥාතීන් සිහිකර මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් ද සිදු කරන ලදී.

රේමන්ඩ් අපෝන්සු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here