මීගමුවේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවේ !කඩිනමින් ජනයා ඉවත් කෙ⁣රේ!

0
278

 

අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මීගමුවේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇත.

ගංවතුරට හසු වූ පුද්ගලයින් ඉවත් කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන බෝට්ටු භාවිතා කරයි.IMG 20251128 WA0072 IMG 20251128 WA0071 IMG 20251128 WA0070 IMG 20251128 WA0069 IMG 20251128 WA0068 IMG 20251128 WA0067 IMG 20251128 WA0072 1 IMG 20251128 WA0071 1 IMG 20251128 WA0070 1 IMG 20251128 WA0069 1 IMG 20251128 WA0068 1 IMG 20251128 WA0067 1

මීගමුව කටාන මැතිවරණ කොට්ඨාශවල මායිම්වල පිහිටා ඇති දෙපා ඇළ සහ කුඩා ඇළ දොළ පිටාර ගැලීම හේතුවෙන් මීගමුව පෙරියමුල්ලෙයි ප්‍රදේශයේ ගෝමස්වත්ත, රප්පර්වත්ත, සෙල්ලකන්ද, දෙනියවත්ත, තාලුපොත්ත සහ මයිමන්ගොඩැල්ල යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇත.

සමාජ සේවා සංවිධාන විසින් පිසූ ආහාර සපයනු ලැබේ.
විපතට පත් ජනතාවට නවාතැන් සැපයීම සඳහා අල් හිලාල් මධ්‍යම විද්‍යාලය සූදානම් කර ඇත.

නිවාස ඉවත් කළ අය ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වල ද රැඳී සිටිති.
සහන ආධාර ලබා දීමට මීගමුව මහ නගර සභාව කටයුතු යොදා ඇත.
විපතට පත් ජනතාවගේ තොරතුරු ග්‍රාම නිලධාරීන්ගෙන් රැස්කරමින් පවතී.

ඉස්මාදුල් රහුමාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here