මීගමුවේ A-one ටියුෂන් කඩේට විරෝධය !

0
385

 

ටියුෂන් කඩකාරයන්ට පෝස්ටර් තරම් දෙයක් නැ.
කුලිකාරයෝ හොයාගෙන වැඩේ භාරදෙනව .
ඒවභාරගන්න උන්නටත් අර සැම්සන් ලියල තිබුන වගේ අලගෙඩියක් තරම් වත් මොලයක් නැ වගේ.
අනික මේ ටියුෂන් කඩකාර⁣යෝ වගේම පොස්ටර් කුලියට අලවන සෙට් වලත් අතිබහුතරවක් ඉන්නව ඇත්තේ අමු ජාතිවාදියෝ.
හුලං අත බලල රැල්ලට මාලිමාවට මුවා වුනාට මේ හැමෝම එකයි.එක වල්ලේ පොල්.

හෙට තියෙන චෙම්මනි සමුහ මිනිවලට ආදාලව යුක්තිය ඉටුකරන්න කියන විරෝධතාවේ පොස්ටර් මිගමුවේ තැන් කිපයකම අලවන්න මිගමුවේ ප්‍රගතිශිලි පිරිසක් කටයුතු කරල තිබුන

ඊට මුලික වෙලා කටයුතු කරපු ස⁣හෝදරයෙක් එයාගේ ⁣⁣ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකරල තිබුන.FB IMG 1752682580068

මේ පෝස්ටර් සේරම අර ටියුෂන් කඩකාරයන්ගේ පෝස්ටර් වලින් වහල දාලා.
චෙමිමනිය ට යුක්තිය වෙනුවට…
මීගමු නගරයේ ඇලවු ප්‍රචාරක පෝස්ටර්
සංවිධානාත්මකව වසා දමයි.
ජුලී 15 දින රාත්‍රියේ මීගමු නගරයේත් ඉන් පිටතත් “ චෙමිමනි සමුහ ඝාතනයන්ට එරෙහිව නැගී සිටිමු “ සටන් පාඨය මුල්කර ගනිමින් 17 දින පවත්වනු ලබන උද්ඝොෂණයේ ප්‍රචාරක පෝස්ටර් යුකතිය උදෙසා ජනතා බලය සංවිධානයේ සාමාජිකයින් ඇලවීය.
ජුලී 16 උදේ 8 වනවිට මීගමු නගරයේ සියළුම පෝස්ටර් මීගමුවෙ A-One අධ්‍යාපන ආයතනයේ පෝස්ටර් වලින් වසා තිබුනි. ඒ ගැන සොයා බැලීමෙදි මීගමු නගරයෙන් පිටත පෝස්ටර් වසා දමමින් සිටි A-One ආයතනයේ සේවකයින් දක්නට ලැබී ඇත. ( යු.උ.ජ.බ )සංවිධානයේ සාමාජිකයින්ගේ දැඩි වීරෝදය මැද එම ක්‍රියාව නවතා දැමීමට හැකිවී ඇත.
එම පෝස්ටර් වසමින් සිටි දෙදෙනාගෙන් එක් අයෙක් කලකට ඉහතද්‍රී හමුදා සේවයේ නියුතු පුත්ගලයෙකු වන අතර මෙම ක්‍රියාව සංවිධානත්මකව චෙමිමනිය පිලිබදව මතුව එන ඝාතනයන් ගැන ප්‍රචාරනය මීගමුවෙන් වසා දැමීමට දැරෑ උත්සහයක් දැයි සැක මතුව ඇත.
මීගමුව යනු දේදුණු නගරයකි සියළු ජාතීන්, සියළු ආගමිකයන් වෙසෙන නගරයකි. අන්න ඒ සාමුහීකත්වයට බෙදා වෙන් කිරීමට තමයි පාස්කු ඉරැදින ප්‍රහාරයට කටුවපිටිය දේවස්ථානය තෝරගත්තේ . ඒත් ඝාතකයින්ගේ අරමුණ ඉටු නොවුනේ මීගමුවෙ වැඩ කරන විවිධ සංවිධාන, විකල්ප දේශපාලන කණ්ඩායමි, සංස්කෘතික කණ්ඩායමි, පුද්ගලයින්, කලා හා මාධ්‍ය වැඩ ඇතුලේ. ටියුෂන් ආයතන, ගුරැවරැ අතර ඇති තරගය නිසා විකල්ප ප්‍රචාරක වැඩ වලට අවකාශය ඇහිරි ඇත.
ටියුෂන් ආයතන හා ගුරැවරැන් කුලී කරැවන් ලවා ලෝස්ටර් අලවන්නේ නමි අවම සදාචාරාත්මක දැනුමක් ලබා

දෙන්න.

මෙ සටහනට ප්‍රතිචාර දක්වපු මිගමුවේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වු සැම්සන් ඥානසිරි මේ වගේ කොමෙන්ට් එකක් දාල තිබුන.
මින් ප්‍රකාශ වන්නේ මීගමුවේ ජාතිවාදයට උඩගෙඩි දෙන අලගෙඩියක් තරම්වත් නැති මොලගෙඩි ඇති (නො) මිනිසුන් රැලක් සිටින බවයි.
උන් මිනිස් වටිනාකම් මැන බලන්නේ තමන් උසස් යැයි ද අනෙකා පහත් යැයි හිතන මනෝභාවයෙනි. එකී මනෝභාවය විසින් නිර්මාණය කරන්නේ තිරිසන් සමාජයකි. එබැවින් මෙවැනි ක්‍රියා ලත්තැනම ලොප් කලයුතුව ඇත.

එබැවින් මෙම ක්‍රියාව සිදුකළවුන්ට එදා කොළඹ දෙවනත් කළ ජනතා අරගලය සිහිකැඳවා ගන්නා මෙන් අපි මේ නරුමයින්ට අනතුරු අඟවමු!

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here