spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව අලුතින් ගොඩනගන්න විශේෂඥයන්ගේ සහයත් එජාපයට !

Must read

????????????????????????????????????

මෙවර  පළාත්  පාලන  මැතිවරණයට   එ .ජා. ප. යෙන්  අලියා  ලකුණෙන්   ජාතික  ලැයිස්තුවෙන්     ඉදිරිපත්වන මොහු   නගරයේ  විශේෂ  පුද්ගලයෙකි.  ඔහු  නිහතමානීය,   දාර්ශනිකය,   තර්කානුකූලව   අදහස්  ඉදිරිපත්  කරයි,මේ  ඔබ  කව්රුත්  දන්නා  බ්‍රිටිෂ්   ඔප්ටිකල්ස් හි  අධිපති  වෛද්‍ය ඉයන් මහතාය.   1920 දී  තම  පියා  විසින්   ආරම්භ කළ  මෙම  ආයතනය   1947 දී  සිය මව විසින් ඉදිරියට ගෙන ආ අතර  වෛද්‍ය ඉයන් මහතා විසින් එය 1969 දී නවීකරනය කරමින් ප්‍රවර්ධනය කරන ලදී.     ඔහු  සමග  කරනලද   කෙටි  සාකච්ඡාවක්  අප  මෙසේ  සටහන්  කරමු.

ඔබේ  සමාජ සේවා  කටයුතු  කොහොමද?

මම  කලක්  මීගමු  සංවර්ධන  පදනමේ   සභාපතිවී  සිටියා.  මේ  වනවිට  මීගමු  රෝහල්  කමිටුවේ   සභාපති  ලෙස  කටයුතු  කරනවා. ඒවගේම  හිටපු සමථ මංඩල   සභාපති,  ජාත්‍යන්තර  සිංහ  සමාජයේ බහු දිස්ත්‍රික් සභාපති, යනාදී  නිලතල  දැරුවා.  ඒ වගේම  එංගලන්තයේ එක්සත් සංස්කෘතික   සම්මේලනයේ  සභාපති  හා  ලේකම්  යනාදී   නිලතලද දැරුවා.

මීගමු  නගරයේ  සංවර්ධනය  සදහා   ඔබේ  අදහස්  කොහොමද?

* මීගමු  නගරයේ   ප්‍රධාන  ප්‍රශ්ණයක්  තමයි  පවතින  තදබදය. අපි  one  way  යෝජනාව  ගෙන ආවෙත්  මේ  තදබදය  නිසයි. මම කියන්නෙ   නගරයේ  මැද  තිබෙන  නයිට්  බසාර් එක  වෙන තැනකට   ගෙන යායුතුයි. එය  නගරයේ  තදබදයට  හේතුවක්  වන  නිසා  මම එය  යෝජනාවක්  ලෙස  ඉදීරිපත්  කරනවා.  පාරවල්  පළල් කිරීම ආදිය  නිසි  සැලසුමකට  අනුව  කළයුතුයි. මේ  කටයුතු  සඳහා  රාජ්‍ය ආයතන   වන පොලීසිය, මාර්ග  සංවර්ධන  අධිකාරිය,  මෙගා  පොලීසිය,  නාගරික  සංවර්ධන  අධිකාරිය,  නගරසභාව  සාමුහිකව  සහ සැලසුමකට  අනුව  ක්‍රියාත්මක  විය යුතුයි.

DSC_0039new DSC_0043new*නගරයේ   බදු  සම්බන්ධව  විධිමත්  වැඩපිළිවෙලක්  අවශ්‍යයි.  විශාල  මුදලක්  බදුලෙස  එකතුවුනත්  මේවා  ගැන  ජනතාව  දැනුවත්  නෑ.   ඒ ගැන  නොදැන  සිටීම  වරදක් .  එනිසා  ජනතාව  දැනුවත්  කළයුතුයි.  ඒ  සදහා  පුවත් පතක් හෝ   පවත්වා  ගෙන  යන්නේනම්   වඩාත්   හොදයි.

ඔහුගේ   හැකියාවත්, දක්ෂතාවයත්,   මත  විවිධ  අංශ  වලින්   විශාල   සම්මාන  ප්‍රමාණයක්   ලබා තිබුනා. ජාත්‍යන්තර  සාම  තෑග්ග,  දේශාභිමානී  සම්මානය,  ජාත්‍යන්තර   හොඳම  මිනිසා  පිළිබඳ  සම්මානය,ආදියයි ඒ. මේ  වනවිට   මීගමු  නගර  සභාවේ  පවතින  සියළු  ප්‍රශ්ණ   අමනෝඥ   පාලකයින්ගේ  ක්‍රියාවල  ප්‍රතිඵලයක්  බවත්,   ඒනිසා  තමන්  සදහන් කළ   අදහස්   යථාර්තයක්  බවට  පත්කිරීම  සදහා  ඇප කැපවී  කටයුතු  කරන  බවත්,  ඔහු  පැහැදිළි  කරන ලදී.මේ අනුව  ඉයන්  දොස්තර  මහතා  මීගමුවට  විශාල  සම්පතක්  වන බව  අපගේ  විස්වාශයයි.DSC_0038new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article