

මීගමුව පෙරියමුල්ල, “අහදියා” දහම් පාසලේ , වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (05) පෙරවරුවේ, පෙරියමුල්ල අල්හිලාල් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
මෙම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලාෆර් මහතා සහභාගී වූ අතර පෙරියමුල්ල අල්හිලාල් විද්‍යාලයේ විදුහල්පති එම්.එස්.එම්. ශාහීර් මහතා සහ කොළඹ දිස්ත්‍රික් අහදියා පදනමේ , ලේකම් ඈෂ්-ෂෙයීක් මොහොමඩ් පකීහියුඩීන් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ. මෙම උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර මීගමුව , අහදියා දහම් පාසල් කමිටුවේ සියලු සාමාජිකයන් ද මේ සඳහා සහභාගි වුහ. මේ උත්සවයේදී තරඟ වලින් ජයග්‍රහණය කළ ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ අනෙකුත් ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුවූහ.
මෙහිදී ආරාධිතයෙකු ලෙස සහභාගී වු අල්හිලාල් විද්‍යාලයේ විදුහල්පති එම්.එස්.එම්. ශාහීර් මහතාට මෙම උත්සවයට සහභාගී වු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලාෆර් මහතා විසින් විශේෂ සමරු තිලිණයක් ද පුදානය කෙරිණි. එලෙසම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මීගමුව අහදියා දහම් පාසලේ කමිටු සාමාජිකයන් සියලු දෙනාට දෙනාටද සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.


2023 වසරේ පෙබරවාරි 09 වැන දින පාසල් දරුවන් 09 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම දහම් පාසල, ඉස්ලාමීය ධර්මය ඉගැන්වෙන රජයේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස ප්‍රකට වී තිබේ. මෙම දහම් පාසලේ 03 වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ විභාගය දක්වා පාසල් අධ්‍යාපනය හදාරන දරු දැරියන් 180 ක පමණ ප්‍රමාණයක් ඉස්ලාමීය ධර්මය පිළිබඳව අධ්‍යාපනයේ යෙදේ. එමෙන්ම වර්තමානයේ එහි ගුරුවරු ගුරුවරියන් 24 ක පමණ ප්‍රමාණයක් ඉගැන්වීමේ කාර්යයේ යෙදී සිටිති.















