spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව කොරෝනා වාට්ටුවක රෝගීන්ට ප්‍රතිකාර කිරිම විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කිරිමෙන් බරපතල අර්බුදයක් ?

Must read

NGB hospital 1මීගමුව රෝහල තුල කොරෝනා අසාදිතදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන අලුත් වාට්ටුව (( 01 වෙනි වාට්ටුව ) මුල්කොට ගෙන එහි විශේෂඥ වෛද්‍යවරුන් හා රෝහල් පරිපාලනය අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් ඒ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ව බැලිම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
මෙසේ ප්‍රතිකාර කිරිම ප්‍රතික්ෂේප කරඇතැයි දැනට චෝදනාවක් එල්ලවි ඇති වෛද්‍යවරුන් ගණන 4 ක් පමණ වන බවද කියැවේ.ඉන් එක් අයෙකු  වසංගත රෝග පාලනය පිළිබදව හසල දැනුමක් ඇතැයි  ප්‍රසිද්ධියට පත්ව ඇත්තෙකු බවද කියැවේ .

අද උදේ වන විට මිගමුව රෝහල තුල කොරෝනා අසාදිතදැයි සැක කෙරෙන රෝගීන් 15 දෙනෙකු  නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඉන් 10 දෙනෙකු පිරිමි රෝගින් බව වාර්ථා වේ.මේ වාට්ටු අංක 01 වෙන්කර ඇත්තේ පිරිම රෝගීන් වෙනුවෙනි.
මේ තත්වය නිසා ඊයේ සවස මිගමුව රෝහලට ඇතුළු වි ප්‍රතිකාර ලැබිමට පැමිණි රෝගින් දෙදෙනෙකු රෝහලට ඇතුලත් නොවි පිටව ගොස් ඇතැයි ද වාර්තාවේ.
මේ පසුබිම තුල රජයේ ඉහලම බලධාරින් වහා මැදිහත්ව මේ තත්වයට විසදුම් ගෙන ඒමට පමා වන්නේ නම් එය බරපතල ඛේදවාචකයක් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article