මීගමුව දළුපොත පල්ලන්සේනයි පාරේ ගොඩගැසී ඇති කුණු පසුගිය දින 9 තුළ ඉවත් කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
සෑම සෙනසුරාදා දිනකම මෙම මාර්ගයෙන් කුණු ඉවත් කරනු ලැබේ. නමුත් පසුගිය සෙනසුරාදා (29-11-2025) කුණු ඉවත් කර නැත. මෙම සෙනසුරාදා, 6 වන දින ද කුණු ඉවත් කර නැත. මේ හේතුවෙන් සති දෙකක් තිස්සේ කුණු එකතු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. මේ නිසා ප්‍රදේශය දුර්ගන්ධයෙන් යුක්ත වන අතර සෞඛ්‍යයට අහිතකර වේ.
මීගමුව මහ නගර සභාවේ මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් නිදාගෙන සිටිනවාද? ඔවුන්ට මෙය නොපෙනේද? ඔවුන් ප්‍රශ්න ද මතු කරයි. හැකි ඉක්මනින් කුණු ඉවත් කරන ලෙස සියලු දෙනා ඉල්ලා සිටිති.
එම් .ඉසෙඩ් .සහජාන්














