spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරය මැද වලවල් !

Must read

IMG-20191230-WA0043IMG-20191230-WA0042IMG-20191230-WA0041

දැනට මාස ගනනාවක් තිස්⁣සේ මීගමුව ප්‍රධාන මංසන්ධි වල පොළව හෑරීම නිසා මගී ජනතාව මෙම ස්ථාන පසුකර යාමේදී දැඩි අපහසුතාවයකට පත්වන බව කිවයුතුය . මේ පිළිබඳව අප මාර්ග සංවර්ධන අධිකාරියේ T.O මහතා වන ජයසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. නමුත් ඔහු ප්‍රකාශකළේ මෙම වලවල්වලට හේතුව ජලසම්පාදන මණ්ඩලයේ නොසැලකිල්ල මත සිදුවූවක් බවයි.
කෙසේ නමුත් මීගමුව නගරයක් වශයෙන් , පිරිසිදුව අලංකාරව පවත්වා ගතයුතු බවට අදහස් ඉදිරිපත් කරන නගර පාලකයින් , දේශපාලකයින් රාජ්‍ය නිළධාරින් මේ කිසිවක් නොපෙනේද යන්න ප්‍රශ්ණ කළ යුතුව ඇත . මන්ද මෙම පාරවල් කඩතොළු  මෙසේ පවතින්නේ දවසක දෙකක සිට නොව මාස ගනනාවක සිට වන හෙයිනි.
කෙලින් වීදියේ සිට දුම්රිය ස්ථානයට හැරෙන ස්ථානය , එසේම ග්‍රීන්ස් පාරට හැරෙන තැන මංසන්ධිය, ප්‍රධාන කොටගත් ස්ථාන කිහිපයකම තත්වය එසේ අවධානම් තත්වයක පවතී .
එසේ හාරන ලද තැන්වල පමණක් නොව ඔරලෝසු කනුව ගොස් HNB ආයතනය පසුකර ගොස් වැටෙන තුංමන්හන්දියේද විශාල කඩතොළු නිර්මාණය වී ඇත . මේ කිසිවක් ගැන කිසිදු වගකිවයුත්තෙකු සැළකිලිමත් වී ඇති බවක් නොපෙනේ .
ඉහතකී වලවල් ගොඩකර යථාතත්වයට පත්කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකසන මෙන් ජලසම්පාදන මණ්ඩලයට අවධාරණය කරන්නෙමු .එය කා⁣ගේ වගකීමක් දැයි ජනතාව නොදනී. එනිසා ජලසම්පාදන මණ්ඩලයද මැදිහත්වී මාර්ග සංවර්ධන අධිකාරිය , මීගමුව පොලීසිය , මීගමුව නගරසභාව ආදී වශයෙන් මේ සියළු දෙනා සම්බන්ධවී මෙය නිරාකරණය කර අදාල කටයුත්ත ඉටුකරනමෙන් අප අවධාරණය කර සිටිමු .
ජල සම්පාදන මණ්ඩලය විසින් මෙසේ පාරවල් හරහා කානු කපා බට වැළලීමත්, නැවත මෙම ස්ථාන යථා තත්වයට පත්කිරීම සඳහා කිසිදු පියවරක් නොගැනීමත් මෙම වලවල් හෑරී , කඩතොළුවී තිබීමට හේතුවී ඇති බව මේ අනුව පැහැදිළි වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article