මාලිමා රජයට අවුරුද්දයි, පුනරුද පළාත් පාලනයට මාස 4 යි .
අපි මිගමුවට අදාලව දිගමටම මතුකරපු කාරණයක් තමයි ලංසා පවුල් පාලනය යටතේ ඒ අයගේ හිතවතුන්ට බඩියන්ට හිතුමනාපෙට හදාගන්න දිල තිබුන අනවසර ඉදිකිරිම් ගැන හීන්කෙන්ද පාලන මුකුත්ම කරන්නේ නැත්තේ ඇයි කියන කාරණය.
කොහොම හරි පහුගිය සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි මිගමුව නගරාධිපති හීන්කෙන්ද තද ටෝක් එකක් දුන්නා අදින් පස්සේ අනවසර ඉදිකිරිම් බෑ කියල.
එතකොට පහුගිය කාලේ හදපු අනවසර ඒවට මුකුත් ඇක්ෂන් නැද්ද කියල අහන්න හිතාගෙන නගරාධිපතිව දුරකථනයෙන් සම්බන්ධකර ගන්න උත්සාහ කළත් එයා නෙමේ ප්‍රතිචාර දැක්වුයේ.
අනේ මන්ද ඇයි කියල ? අපට බයද මන්ද ?
මිගමුව බස් නැවතුම ඉදිරිපිට තැන් දෙකක් ගැන අපි දැන් මාස ගාණක් තිස්සේ ලියනව . එකක් හිටපු නගරාධිපති අතයට ගණුදෙනුවට හදාගන්න දුන්න කඩයක් .ඒක පටන් ගත්තේ පහුගිය කොමසාරිස් පාලනය පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙන කොට ,
අනිත් අනවසර කඩේ කථාව තමයි මරු. කොන්ක්‍රිට් පදාසයකුත් මේ කුඩා කඩේ ලග දාල හදල තිබුනේ පුනරුද පාලනය කාලේ . මරු නේද ,
තවත් සිය ගණනක් තැන් මිගමුවේ තියෙනව . ඒ ගැන T.O ල දන්නව .
දැන් අපි නගරාධිපති හීන්කෙන්ද ඇතුළු ආණ්ඩුවේ අයගෙනුයි නිළධාරින්ගෙනුයි අහන්නේ මිගමුව තුල නීතියේ ආධිපත්‍ය පිහිටුවන්නේ කවදද කියල
ජනපති නම් කිව්වේ නිතියට උඩින් කව්රුත් නෑ කියල . හැබැයි මිගමුවේදි නම් එහෙම නෙමේ වගේ.













