මීපුර වෙබ් අඩවියේ සහ මීපුර ෆේස්බුක් පිටුවේ පළ කර ඇති මීගමුව නගරය කෙන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන
” උකුස්සා ” ආරක්ෂක සේවාව ගැන මීගමුව වෙළඳ සංගමයේ උප සභාපතිවරයා කළ අදහස් දැක්වීම පිළිබඳව මීගමුව ,නගරාධිපති රොබට් හීන්කෙන්ද ඊයේ දින (21/01/2026) අප අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
නගරාධිපතිවරයා අප අමතා ප්‍රකාශ කළේ එම අදහස් දැක්වීමේ සඳහන් වන පරිදි වර්තමානයේ උකුස්සා ආරක්ෂක සේවාව තුළ නිරත වන පොලිස් නිලධාරීන්ට රැඳී සිටින්නට මීගමුව බස්නැවතුම්පලෙන් ස්ථානයක් ලබා දෙන බවට වර්මන් නගරාධිපති ලෙස තමන් පොරොන්දු වූ බවට එහි දැක්වෙන බවයි.
එහෙත් එවැනි පොරොන්දුවක් කිසිදු පාර්ශ්වයකට තමා විසින් මෙතෙක් කොයි මොහොතක හෝ ලබා නොදුන් බවට ඔහු එහිදී ප්‍රකාශ කළේය.
නගරාධිපතිවරයා පවසන්නේ බස් නැවතුම්පල යනු සභාවට අයත් දේපලක් බවයි. එලෙස සභාව සතු දේපලක් , තම පෞද්ගලික දේපළක් ලෙස කිසිදු පාර්ශවයකට ලබා දෙන බවට පොරොන්දු වීමට තමන්ට නොහැකි බවයි. මීගමුව මහා නගර සභාවට අයත් දේපළ තම පෞද්ගලික දේපල සේ සලකා එක් එක් පාර්ශවයන්ට ගනුදෙනු ලෙස හා හිතවත්කම මත ලබා දුන් නගරාධිපතිවරු පසුගිය කාල වකවානුවල මීගමුව නගරය පාලනය කළ බවත් තමන් එවැනි නගරාධිපතිවරයෙකු නොවන බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
ඒ අනුව උකුස්සා ආරක්ෂක සේවාවේ ස්ථානාධිපතිවරයා වතා කිහිපයකදීම කළ ඉල්ලීම් සහ මීගමුව වෙළඳ සංගමයෙන්ද කළ ඉල්ලීමක් ද සලකා බලා එම ආරක්ෂක සේවාවේ කටයුතු කරන පොලිස් නිලධාරීන්ට රැඳී සිටින්නට මීගමූව බස් නැවතුම්පොළේ ස්ථානයක් ලබාදීම සඳහා, එම ඉල්ලීම යෝජනාවක් ලෙස මහා සභාවට ඉදිරිපත් කර එයින් සම්මත වුවහොත් එම ස්ථානය උකුස්සා ආරක්ෂක සේවාව සඳහා ලබා දිය හැකි බවද නගරාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එලෙසම ඔහු පෙන්වා දෙන්නේ මෙම ආරක්ෂක සේවාව නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉතා හොඳ සේවාවක් සලසන බවයි.එනිසා මෙවැනි ආරක්ෂක සේවාවක් නගරය තුළ ක්‍රියාත්මක වීමෙන් නගරයට හොඳ ආරක්ෂාවක් සැලසෙන බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා මෙහිදී වැරදි දුරටත් පෙන්වා දුන්නේ උකුස්සා ආරක්ෂක සේවාව සඳහා යෝජනා කර ඇති මීගමුව බස් නැවතුම්පොළේ මෙම අදාළ ස්ථානය යම් ආකාරයක පහසුකම් සහිතව ලබාදිය යුතු බවත්, එම ස්ථානය එලෙස පොලිස් නිලධාරීන්ට ලබා දෙන්නේ නම් එම ස්ථානය පහසුකම් ඇතිව අලුත් වැඩියා කළ යුතුව ඇති බවයි.
කෙසේ වෙතත් නකාධිපතිවරයා පැවසුවේ මීගමුව වෙළඳ සංගමය සහ උකුස්සා ආරක්ෂක සේවාවේ ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳව සැලකිලිමත් වන බවයි.












