spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගාරික කොමසාරිස් ටෙන්ඩර් කොන්දේසි ගැන දන්නේ නැතිලු.

Must read

මේ දිනවල නගරයේ තරමක් උණුසුමකට ලක්වෙමින් ඇති ගැටළුවක් තිබේ.ඒ මංකුලිය ලෙල්ලම අසල මහා මාර්ගය දෙපස මාළු අලෙවි කිරිම නිසා මහජනයා හට දැනට වසර ගණනාවක් පුරා අත්විදින්නට සිදුව ඇති ගැටළුවයි.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මේ මාර්ගය තලාහේන පේරුවේ දහස් ගණනක වු ජනයා නගරයට ඒමට භාවිතා කරන එකම මාර්ගය වේ.සතියේ දිනවල මේ හරහා පාසැල් කරා මෙන් රැකියා ස්ථාන කරා ඇදෙන දහස් ගණනක් ජනයා මේ මාර්ගයේ ඇති තදබදය නිසාවෙන් මහත් වු අපහසුවකට පත්ව සිටිති.
මීගමුව මහනගර සභාව විසින් ටෙන්ඩර්යක් මගින් මාළු අලෙවි කිරිමට ඉඩලබා දි ඇත්තේ නිව්ටන් මාවතේ වුවද ඒ අදාල ටෙන්ඩර්කරු විසින් එකි ටෙන්ඩර් කොන්දේසි කඩකරමින් මහජන අපහසුව නොතකා මහා මාර්ගයේ මාළු විකිණිම මෙන්ම රථගාලක්ද පවත්වාගෙන යනු ලැබේ.
දැනට වසර ගණනක් පුරා සිදුකෙරෙන මේ නිතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු රාජ්යක ආයතනයක් හෝ මහජන නියෝජිතයක් මෙතෙක් කිසිදු පළදායි මැදිහත්විමක් සිදුකර තිබුනේ නැත.
විශේෂයෙන් අදාල විෂය භාරව සිටින මිගමුව මහ නගර සභාවේ කොමසාරිස් තුමාගේ අවධානයට අප මේ කටයුත්ත මිට මාස 2කකට උඩදි යොමුකළ අවස්ථාවේ ඔහු පවසා සිටියේ ඔහු අලුතින් පැමිණි නිසා අදාල ප්රුශ්ණය ගැන අධ්යසයනයක් සිදුකළ යුතු බවය.
2011 මැයි 02 වනදා අප යළිත් කොමසාරිස්වරයාගෙන් මේ ගැන විමසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ දැන මේ ගැන නඩුවක් පවතින හෙයින් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි.නිව්ටන් මාවත වෙනුවට මහමාර්ගයේ මාළු විකිණිම නිතිවිරෝධි නොවේදැයි අප විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටියේ තමන්ට කිසිවෙක් ඒගැන පැමිණිලි යොමුකර නැතිබවය.මේ සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තර ඇතුළත් වාර්තාවක් අපගේ ජනවාරි.. කලාපයේ පළකරන ලද අතර එහි පිටපතක් කොමසාරිස්වරයාගේද ඉල්ලිම මත ඔහුට ලැබෙන්නට සලස්වන ලදි.පසුව අප ඒ ගැන ඔහුට යළිත් සිහිගැන්වු අවස්ථාවේ ඔහු කියා සිටියේ එය කියවිමට තමන් ට තවමත් නොහැකි වු බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article