spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නාගරික කොමසාරිස්ගේ ගේ ලගටම ඩෙංගු ඇවිත් ? දැන්වත් වැඩට බහිමුද ?

Must read

dengu pic 1මීගමුව නගරය දැන් පාලනය කර ගත නොහැකි අයුරින් ඩෙංගු සංගත තත්වයකට හසුව තිබේ.අප්‍රේල් මාසයේ 209 ක් වු ඩෙංගු රෝගින් ගණන මැයි මාසය වන විට 455 ක් වි තිබේ.
ඉනුත් කුරණ ප්‍රදේශයේ 15 ක් වු ඩෙංගු රෝගින් ගණන මැයි මාසයේදි 34 ක් දක්වා වැඩිවි තිබේ.
කුරණ සිදුව තිබුණ මේ වැඩිවිම පිළිබදව කුරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි දරිජු මහතා ඇතුළු පිරිසක් නිරන්තරයෙන්ම අදාල බලධාරින් වෙත කියා තිබුනේ මේ තත්වය භායනක බවය
එහෙත් මේ භායානක බව සැලකිල්ලට ගෙන කඩිනම් පියවර  ගන්නට නගාරික කොමසාරිස් පාලනය අපොහොසත්ව තිබුණි.
වාර්තා වන අන්දමට දැන් ඩෙංගු මීගමුව නගාරික කොමසාරිස්වරයාගේ දොරකඩටම එන තත්වයක් උදාවි තිබේ.
පසුගිය කාලය තුල නාගරික කොමසාරිස්වරයා කටයුතු කලේ   හැකිතාක් වැඩියෙන් හම්බකර අඩුවෙන් වියදම් කර නාගරික කොමසාරිස් පාලනය දේශපාලකයන්ගේ පාලනයට වඩා හොදයි කියා ගැනිමටය.
දැන් ඒ කාලකණ්නි සිතිවිල්ලේ ප්‍රතිඵල දැන් මුළු මිගමුවට භුක්තිවිදින්නට සිදුව ඇත.
කුරණ ගවේෂ දරිජු පුතාට සිය ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබුනේ නාගරික කොමසාරිස් පාලනයේ ඇති අසාර්ථකත්වය නිසා යැයි දැන් පැහැදිලිය.
පසුගිය දිනක ගල්කන්ද හංදියේදි සිය දරුවාව පංති රැගෙන ගිය වාහනය අනතුරකට ලක්වුවා යැයි කොමසාරිස්වරයා දැන් ගත් අවස්ථාවේ නගර සභාවේ වාහනයක් නොතිබුණ හෙයින් ඔහු ගලකන්ද හංදිය දක්වා පයින් දුව ගොස් තිබුණි.
ඒ දරු සෙනෙසහම නිසාවෙනි.
ඉතින් අපි නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාට කියන්නේ දැන් වත් එලියට බැස මීගමුව තුල ඩෙංගු වංසගත තත්වයක් ඇතැයි පිළිගෙන සැලසුම් ගත වැඩපිළිවෙලකට මුල පුරන ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article