spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නාගරික කොමසාරිස්තුමියට ලැජ්ජ හිතෙන ප්‍රශ්ණයක් ?

Must read

මාධ්‍යවේදියෙකුට පහරදුන් මැරයෙකු වු තුෂාන් සමගින් වත්මන් කොමසාරිස්තුමිය
මාධ්‍යවේදියෙකුට පහරදුන් මැරයෙකු වු තුෂාන් ක්‍රිස්මාල්  සමගින් වත්මන් කොමසාරිස්තුමිය

 

මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ  පුද්ගලයන් දෙදෙනොට එරෙහි නඩුව දැන් වසර 3 ක් පුරාවට මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය  තුල ඇසෙමින් තිබේ.
මීගමුව පොලීසිය විසින් අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  මේ මැරයන්   නමින් අග්ගනගේ තුෂාන් ක්‍රිස්මාල් (28) සහ අග්ගනගේ සුපුන් රංග ප්‍රනාන්දු (22) යන වන අතර 23/1 ජනජයගම-බෝලවලාන-මීගමුව  පදිංචිකරුවන් වන අතර මෙම දෙදෙනා එකම පවුලේ සහෝදරයන්ද වේ
මින් තුෂාන් කිස්මාල් නැමැත්තා මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙසින් සේවය කරනු ලබන අතර එවකට නියෝජ්‍ය නගරාධිපතිව සිටි දයාන් ලංසාගේ සමිප ආධාරකරුවෙකු විය.

මාධ්‍යවේදියෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමට කොන්ත්‍රාත්තුව දුන් දායන් ලංසා සහ මැරය සේවකයා
මාධ්‍යවේදියෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමට කොන්ත්‍රාත්තුව දුන් නගරාධිපති දායන් ලංසා සහ මැර සේවකයා තුෂාන් කිස්මාල්

2016 ජුනි මස 02 වෙනිදා මේ තුෂාන් කිස්මාල් නැමැත්තා මහදවාලේ මිගමුව මහ නගර සභා පරිශ්‍රය තුලදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ වෙත මරාන්තික ප්‍රහාරයක් එල්ල කරන්නේ එදින 6- 2 සේවා වැඩමුරය තුල සේවයට වාර්තා කරමින් සිටියදිය.
එමෙන්ම ඒ සදහා යොදාගෙන තිබුනේද නගර සභාවේන් ඔහු වෙත ලබා දි තිබුණ යතුරු පැදියකි.
මේසා බරපතල වෘත්තියමය වැරදි රැසක් සිදුකළ අයෙකුට එරෙහිව මහනගර සභාව තුල සිදු කරන්නට යෙදුන විනය පරික්ෂණයෙන් ඔහු විනය විරෝධි අයෙකු ලෙසින් නම් කිරිමට මිගමුව මහනගර සභාවේ පළාත් පාලන ප්‍රධානින් කටයුතු කර තිබුනේ නැත,
එවකට නියෝජ්‍ය කොමසාරිස්ධුරය දැරු තැනැත්තිය අද මිගමුවේ නාගරික කොමසාරිස්තුමිය ලෙසින් කටයුතු කරනු ලබන්නේ වත්මන් නගරාධිපති දායන් ලංසාගේ පුර්ණ ආශිර්වාදය යටතේය.
මේ දිනවල මිගමුව මහනගර සභාව ගැන බදුගෙවන ජනයා විසින් මැසිවිලි රැසක් ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබුනේ සිය වාහන මහ නගර සභා භුමිය ඇතුලට ගැනිමට වත්මන් නගර පාලනය විසින් ඉඩදි නොතිබිම ගැනය.
මාධ්‍යවේදියෙකුට මහදවාලේ සේවා මුරයට වාර්ථා කර තිබුණ සේවකයෙකු විසින් නගර සභාව විසින්ම ලබා දි තිබුණ යතුරු පැදියක්ද ප්‍රයෝජනයට ගෙන මහනගර සභා භුමිය තුලදිම මරාන්තික පහර දිමක් එල්ල කිරිමේ සිද්ධියේ මැරයා අභ්‍යන්තර පරික්ෂණයකින් නිදහස් කොට යළිත් රැකියා ලබා දුන් සමයේ නියෝජ්‍ය කොමසාරිස්වරිය ලෙසින් කටයුතු කළ තැනැත්තිය අද කොමසාරිස්වරිය ලෙසින්ද, මාධ්‍යවේදියාට පහර දිමට මහනගර සභා සේවයකයෙකු සේවා වැඩමුරය තුලදිම යොදවා ගත් එවකට නියොජ්‍ය නගරාධිපතිවු දයාන් ලංසා නගරාධිපතිවරයා ලෙසින්ද බදුගෙවන ජනයාගේ වාහන මහනගර සභාවට තුලට ගෙනඒම වලකා ලමින් ක්‍රියාත්මක කොට ඇති මේ නිතිය සැබැවින්ම දෛවයේ සරදමක් වැන්න.
දායන් ලංසාට නම් ලැජ්ජාවක් කියා දෙයක් තිබිය නොහැක.
එහෙත්  කොමසාරිස්වරිය යනු අදාල පරිපාලන විභාගයන් සමත්වු සුදුසුකම් ඇත්තියකි.
එබැවින් ඇයට ලැජ්ජාවක් තිබිය යුතුය.
එහෙත් මිගමුව තුල ඇයත් තවත් පරිපාලන නිළධාරිනුත් පසුගිය කාලය තුල ක්‍රියාකළ  ආකාරය ගැන බලන විට මිගමු  මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ බහුතරයකට ලැජ්ජාවක් හෝ වෘත්තිය සදාචාරයක් නැති බව නම් ඉතා පැහැදිලිය.
(ඡායාරුප උපුටා ගැනිම- ගබ්රියෙල් නිරෝෂන් මහතාගේ මුහුණු පොතෙනි )

IMG-20160604-WA0005

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article