මීගමුව, පිටිපන මා ජයවීර කිවිඳුන්ට උපහාර පිදීමට නගර සභාවට ගෙන ආ යෝජනාව,න්‍යාය පත්‍රයෙන් ඉවතට .

0
344

….

පසුගිය ජනවාරි මස 12 වැනි දින (12/01/2026 ) අරලියගහ මන්දිරියේදී 40 වැනි වරට පවත්වනු ලැබූ 2025 වසරේ “”කලා භූෂණ”” රාජ්‍ය සම්මාන උළෙලේදී මීගමුව, පිටිපන මා. ජයවීර කිවිඳානන්ට ද කලා භූෂණ සම්මානයක් පිරිනමනු ලැබීය.

ඒ, මා ජයවිර කිවිඳානන් දශක 05 කට අධික කලයක් මෙරට කලා ක්ෂේත්‍රයට විශේෂයෙන්ම කිතුනු සාහිත්‍ය වෙනුවෙන් සිදු කළ අපරිමිත සේවාවට ගෞරව කරමින් සහ ඔහුගේ දක්ෂතාවයන් මෙන්ම ප්‍රතිභාවන් ද විශේෂ ඇගයීමකට පාත්‍ර කරමිනි.
එලෙසම දශකයක පමන කාලයකට පසුව මීගමුව පුරවරයට කලා භූෂණ සම්මානයක් තුළින් කීර්තියක් සහ ගෞරවයක් ගෙන ආ මා. ජයවීර කිවිඳානන් වෙත මීගමුව පුරවරයේ සමස්ත ජනතාව වෙනුවෙන් ගෞරව උපහාරය පුද කිරීම සඳහා සමගි ජන බලවේග පක්ෂයේ හෙවත් විපක්ෂයේ දිලිණි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය  විසින් පෙබරවාරි මස මීගමුව මහා නගර සභාවේ මාසික මහා සභා රැස්වීම සඳහා යෝජනාවක්, ඉදිරිපත් කර තිබිණි.

වාර්තා වූ පරිදි එම යෝජනාව සංවර්ධන කටයුත්තක් පිළිබඳ වු යෝජනාවක් නොවන නිසාවෙන් එය පෙබරවාරි මස මහා සභා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බවට නාගරික ලේකම් ෆර්ජානා මහත්මිය විසින් එම නාගරික මන්ත්‍රීවරියට නගර සභාවේදී ම පවසා තිබිණි.

IMG 20260205 WA0006

එම යෝජනාව පිළිබඳව අපට, දැනගන්නට ලැබුණු පරිදි දිලිණි ජයකොඩි විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ මෙරට කිතුනු සාහිත්‍යට මෙන්ම මීගමුව මහා නගර සභාව වෙනුවෙන්ම නිර්මාණය කළ ” මීපුර උදාන ගීය” ද නිර්මාණය කරමින් ද එලෙසම ශ්‍රී ලංකාවේ කලපුවක් වෙනුවෙන් නිර්මාණය කළ එකම කලපු ගීය ” මීපුර කලපු උදාන ගීය” ද නිර්මාණය කල මෙම අසහාය කලාකරුවාට, මීගමුවේ, සියලු ජනතාව වෙනුවෙන් සියලු නාගරික මන්ත්‍රීවරුන් එක්ව ගෞරව උපහාර පිදිය යුතු බවයි.

කෙසේ වෙතත් නගර සභා අතුරු ව්‍යවස්ථාව අනුව, නාගරික මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක් විසින් ගෙන එන යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ නගරාධිපතිවරයා විසිනි. ඒ අනුව වාර්තා වන පරිදි මීගමුව නගරාධිපතිවරයා,ද එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සඳහා නගරාධිපතිවරයා දක්වා ඇති හේතුව වන්නේ සභාවේ පරිපාලනය කෙරෙහි බලපාන කිසියම් ප්‍රශ්නයකට සෘජු හෝ වක්‍ර ලෙස අදාල නොවන මෙම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නොහැකි බවයි..

මෙහිදී දිලිණි ජයකොඩි විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය ප්‍රශ්න කරන්නේ ඇයගේ පියා වන හිටපු නාගරික මන්ත්‍රී කැලිසන් ජයකොඩි මහතා මියගිය අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා යෝජනාවක් මහා සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන් තම පියාගේ ගුණ වර්ණනා කරමින් එම යෝජනාවට අදාළව ශෝක ප්‍රකාශයන් සිදුකල බවයි.
එසේ නම් එවන් යෝජනාද සභාවේ පරිපාලනය සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍ර ලෙස බලපාන යෝජනා නොවන බවත් එහෙත් එවැනි යෝජනා මහා සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කලා නම් මෙවැනි මා හැඟී කලාකරුවකු වෙනුවෙන් ගෞරවය උපහාරය පුද කිරීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කල මෙම යෝජනාව ද මහා සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුව තිබූ බවයි. එලෙසම නාගරික මන්ත්‍රීවරිය මෙහිදී පැවසුවේ, මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් වර්තමාන නගර සභා පාලනය මෙම ප්‍රතිභාපූර්ණ කලාකරුවාව දැඩි ලෙස හෑල්ලුවට ලක් කර ඇති බවයි.

IMG 20251119 WA0029

මේ පිළිබඳව අදහස් දක්වන, මා ජයවීර කිවිඳානන්ගේ සොහොයුරෙකු හා හිටපු නගරාධිපතිවරයෙකු වන ඇන්ටනී ජයවීර මහතා ප්‍රශ්න කරන්නේ, මෙවැනි කලාකරුවෙකුව ගෞරව බුහුමානයට ලක්කිරීමට නොහැකි යැයි නගර සභා අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත්තේ කුමන වගන්තියේ ද යන්නයි. එමෙන්ම ඔහු පවසන්නේ මීගමුව යනු කලාපුරවරයක් බවයි ,මෙම කලා පුරවරයේ ,කලාකරුවෙකුට ගෞරවයක් දැක්වීම සඳහා ගෙන ආ මෙම යෝජනාව, ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම කලාපුරවරය ගැන නොදන්නා අයෙකු විසින් බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ කලාකරුවෙකුට ගෞරවයක් කිරීම සඳහා මීගමුව නගරාධිපතිවරයා මෙහිදී සංවේදී නොවු බවයි..

IMG 20250810 WA0095

එමෙන්ම මේ සම්බන්ධව මේ වන විට මීගමුව පුරවරවය තුළ බොහෝ දේශපාලන කවයන් තුළ දැඩි සේ කතාබහට ලක්වන කරුණක් බවට පත්වී තිබේ. ඒ අනුව ඒ පිළිබඳව අදහස් දක්වන මීගමුව සංස්කෘතික බලමණ්ඩලයේ ලේකම් සහ මීගමුව කලාපීය කතෝලික සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කරන එම්මානුවෙල් පියුම්වර්ධන මහතා සඳහන් කරන්නේ මීගමුව යනු සෑම කලාවකම මුලාරම්භය සනිටුහන් කරන සුවිශේෂි කලා පුරවරයක් බවයි.

ඒ අනුව මෙම කලා පුරවරයෙන් විශිෂ්ට කලාකරුවන් රැසක් බිහි වී ඇති බව ඔහු සඳහන් කරයි. ඒ අනුව මා ජයවීර යන කලාකරුවාද ගෞරව බහුමානයට ලක්විය යුතු ලේඛකයෙක් බව, පියුම්වර්ධන මහතාගේ අදහසයි.

එමෙන්ම ඔහු පවසන්නේ මෙවැනි කලාකරුවන්ට, ,ඔවුන් විසින් මෙරට කලාවට සිදු කර ඇති සේවය වෙනුවෙන් ස්තුති කළ යුතු බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මා ජයවීර කලාකරුවාට කලින් තවත් මීගමුවෙන් බිහිවුණු කලාකරුවන් කලාකාරියන් රාශියකට මෙම කලා භූෂණ සම්මානය පිරිනමා ඇති බවයි.

ඒ අයවද ඇගයීම් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි එම කලාකරුවන් සඳහා ඇගයීම් කළ යුතු මීගමුවේ ප්‍රධාන ආයතන දෙක වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නගර සභාව විසින් බවද ඔහු අවධාරණය කරයි.

කෙසේ වෙතත් මෙතෙක් මීගමුව මහා නගර සභාව විසින් එවැනි කලාකරුවෙකුව ඇගයීමට ලක් නොකළ බවද ඔහු පවසයි.

ඒ නිසා මීගමුව නගරාධිපතිවරයාට එවැනි කලාකරුවෙකුව ඇගැයීමට ලක් කිරීම සඳහා නගර සභා ආඥා පනතේ බලතල ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය..

එලෙසම පියුම්වර්ධන මහතා සඳහන් කරන්නේ ආඥා පනත්වල ඇති කරුණුු කාරණා මත සිර නොවී ,නම්‍යශීලි වී මෙවැනි කලාකරුවෙකුව ඇගයීම සඳහා නගරාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වෙන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ වසර දහයකට පමණ පසු මීගමුව කලාකාරුවෙකු වෙනුවෙන් කලා භූෂන සම්මානය පිරිනැමුනු මේ ස්වර්ණමය අවස්ථාවේදී ,මීගමුව පුරවරයේ සමස්ත ජනතාව වෙනුවෙන් ගෞරව බහුමානය පුද කිරීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් අහිමි වූ බවයි. එලෙසම ඇතමුන් ප්‍රකාශ කරන්නේ මෙම කලා භූෂන සම්මානය මා.ජයවීර කිවිඳුන්ට පිරි නමා ඇත්තේ වර්තමාන ජන බලවේග රජයෙන්ම බවයි. ජන බලවේග රජයෙන් ලබා දුන් එම සම්මානය පිරිනමුනු කලාකරුවාට ගෞරව බහුමන් දැක්වීමට ගෙනා යෝජනාවක් මීගමුව නගරාධිපතිවරයා ඇතුළු මීගමුව මහා නගර සභාව ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවුයේ ජන බලවේග රජය විසන් ප්‍රදානය කළ සම්මානය හෑල්ලුවට ලක් කිරීමක් යැයි, මේ සම්බන්ධයෙන් කතා කළ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here