spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව පොහොට්ටුවේ  දේශපාලකයෙකුට ටෙන්ඩර් මගඩි චෝදනාවක් !

Must read

rajapaksha park 2park-6(දෙවන සංස්කරණය ) මීගමුව මහනගර සභාවේ ජේෂ්ඨතමයෙකු වුද ඉහලම තනතුරුක් හෙබවු අයෙකුට මේ වන විට ටෙන්ඩර් මගඩියක් පිළිබදව බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.
ඒ රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක අංශයේ ටෙන්ඩරය සම්බන්ධයෙනි.
මීගමුව මහනගර සභාවට සම්බන්ධ සියළු ප්‍රධාන ස්ථානයන්හි ආරක්ෂක කටයුතු කරන මෑන් ෆවර් ආරක්ෂක අංශයට 2020 වසර සදහාද  ටෙන්ඩර් ගාස්තු වැඩිකිරිමකින් තොරව ලබා දි තිබියදි රාජපක්ෂ උද්‍යානය සදහා පමණක් වෙනමම ටෙන්ඩර කැදවා තිබේ.නගරසභාවට අයත් අනෙකුත් සි්‍යලුම ස්ථානවල ආරක්ෂාව භාර කටයුත්ත මෑන් ෆවර් ආයතනයට පවරා තිබියදි නගරාධිපතිගේද කැමැත්ත මත රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂාවභාර කටයුත්ත ටෙන්ඩර් කිරිමට යන්නේ නගර සභාවේ ජේෂ්ඨයෙකුගේ ඉල්ලිම පිට බව කියැවේ. ඒ අනුව ඔහුට අදාල ටෙන්ඩර් කරුවන් සමගින් වෙනමම ඩීල් එකක් දාගැනිමට ඇති හැකියාව මේ අනුව මීගමුවේ ප්‍රධාන පුරවැසියාගේ ආශිර්වාදයද සමගින් මෙසේ පිරිනමා තිබේ.
මීගමුව මහනගර සභාවේ පොහොට්ටුව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රින් සහ මන්ත්‍රිවරියන් යනු පළාත් පාලන නිතිය හෝ එහි ක්‍රියාපටිපාටින් ගැන එතරම් අවබෝධයක් ඇත්තෝ නොවෙති.නගරධිපතිද එකි ධුරයට කොඩුකාරය. එවන් පසුබිමක දන්නා කියන අයෙකු සිටිම යෙහෙකි යැයි නගරාධිපතිවරයාද සිතනවා විය හැක. මේ නිසාම දැන් මන්ත්‍රිධුරයක් හොබවන මේ ජේෂ්ඨයාට රාජපක්ෂ උද්‍යානයේ ආරක්ෂක අංශ ටෙන්ඩරය දොල පිදෙනියක් බවට පත්ව තිබේ.
2013 වසරේදි මෑන් ෆවර් ආයතනයට ආරක්ෂක අංශවල ටෙන්ඩරය ලබාදි තිබුනේ වසර 3 කටය. ඒ එවකට නගාරාධිපතිව සිටි ඇන්ටනි ජයවිර විසිනි.
ඒ වෙනුවෙන් අදාල ආයතනය අතදිගහැර නගරාධිපතිවරයාට සලකා තිබුන අන්දම මීගමුව නාගරික මන්ත්‍රිවරයෙකු කරුණු සහිතව හෙළිකර සිටියේය.
මේ අතර මුදල් සන්තෝෂම්ද ඇතුළත්ව තිබුණ මේ පැකේජයට වැට් 69 බෝතල්ද වු බව කියැවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article