spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බන්ධනාගාරයත් නිරෝධායනයට ලක්කිරිමට සිදුවෙයි !

Must read

NGB prisonපසුගියදා මුන්දලමේ සිදුවු රියඅනතුරුක් හේතුවෙන් පුද්ගලයෙක් මුන්දම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිගමුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබුණි.
අරුණ පුවත්පත වාර්ථා කර තිබුනේ රිය අනතුරකට රිමාන්ඩ් භාරයට පත්වූ ඉතාලියේ සිට පැමිණි මෙම පුද්ගලයා ඉහළ පොලිස් නිලධාරියකුගේ ඥාතියකු වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට යවා තිබුණ බවය.
මෙම අනතුර සිදුව තිබුනේ තලවිල දේවස්ථානයට යමින් සිටියදි බව මෙම සිදුවිම වාර්ථා කරන ලද ප්‍රාදේශිය මාධ්‍යවේදින් පවසන්නට යෙදුණි.
කෙසේ වෙතත් අදාල පුද්ලගලයා මිගමුව බන්ධනගාර රෝහල තුල දින 4 ක් පමණ කාලයක් නේවාසිකව සිට ඇත.
මේ හේතුව නිසා මේ වන විට මිගමුව බන්ධනාගාරය තුල දැන් නිරෝධානය පහසුකම් සැලැස්විමට සිදුව තිබේ.
එහෙත් මෙහි ඇති අතිශෝචනිය තත්වය නම් මෙම සිදුවිමත් සමගින් මේ වන විට එහි සිටින සිරකරුවන් පත්ව ඇති අසරණ තත්වයයි.
තමන් සතුව ඇති ලේන්සු හෝ මුඛ ආවරණ වලින් මුව වසාගෙන ඇතුලත ඇති අධික රස්සනයද නොතකා දින 14 ගනිමින් සිටින්නට ඔවුන්ට සිදුව ඇත.
වගකිම් රහිතව කටයුතු කර ඇති මේ පුද්ගලයා නිසා මුන්දම පොලිසියද විෂබිජ හරණය කරන්නට සිදුව තිබුන අතර එහි පොලිස් නිළධාරින් දින 14 ක් ස්වයං නිරෝධායනකට යොමු කරන්නට සිදුව තිබුණි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article