
ලොව වසන සෑම කෙනෙකුටම පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාක පහසුකම් හිමි විය යුතුය. එම උදාරතර පරමාර්ථය පෙරදැරි කර ගනිමින් ජාත්‍යන්තර රොටරි සමාජය ද සෑම විටම සිය ජනතා සේවාවන් අඛණ්ඩව සිදු කරනු ලබයි. ඒ අනුව මීගමුව රොටරි සමාජය මැදිහත්වීමෙන් පසුගිය නොවැම්බර් 01 වැනි දින (01/11/2025) , මහගල්ගමුව ග්‍රාමයේ ජනතාවට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවැති පානීය ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියක් සාර්ථකව නිමකරමින්, එම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 06 කට අධික ය. ඒ සඳහා පූර්ණ දායකත්වය ලබාදී තිබුණේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ , හිටපු රොටරි සමාජයේ ආණ්ඩුකාරයෙකු වු (2020/2021) අජිත් වීරසිංහ මහතා සහ එම මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙනි.
මෙම ව්‍යාපෘතිය තුළින් මහගල්ගමුව ග්‍රාමයේ මෙතෙක් සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගත නොහැකි වූ පවුල් සිය ගණනකට අයත් ජනතාවට සෙත සැලසේ.
මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට , මහගල්ගමුව ග්‍රාමය අයත් වන කුරුණෑගල කතෝලික පදවියේ, පදවි අනුනායක ගරු සාගර ක්‍රිෂාන්ත පෙරේරා පියතුමා ඇතුළු මීසම්පාලක පියතුමන්ලාද සහභාගී වුහ. එලෙසම මෙම අවස්ථාවට අජිත් වීරසිංහ මහතා ඇතුළු එම පවුලේ ඥාතීන් පිරිසක්ද, තවද මීගමුව රොටරි සමාජයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගී වූහ.













