spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලට ඉහලම සුදුසුකම් සහිත අලුත් අධ්‍යක්ෂකවරයෙක් !

Must read

NGB hospital 1මීගමුව යනු රජය විසින් ඉහලම අවධානයක් යොමුකළ යුතුව ඇති ප්‍රධාන පෙලේ රෝහලකි. ජාත්‍යන්තර ගුවන්තොටුපල ,නිදහස් වෙළද කලාපය,අධිවේගි මාර්ගය සංචාරක පුරය,ධිවර වරාය,ප්‍රධාන පෙලේ පාසැල්,පොලිස් අභ්‍යාස ආයතනය,ආදියේ පිහිටිමද සහිතව ගත් කළ සැබැවින්ම මිගමුව රෝහලට වෙත පැවරි ඇති වගකිම අති මහත්ය.
දැනට රටතුල මතුව ඇති අර්බුදකාරි වතාවරණය තුල මිගමුව රෝහලේ අධ්‍යක්ෂකවරිය ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන් සතුව වු සිමිත සම්පත් උපරිම අයුරින් යොදාගනිමින් ඉහල සේවාවක් ලබාදිමට පියවර ගෙන තිබුණි.
මිගමුව රෝහලට දැන් අලුත් අධ්‍යක්ෂකවරයෙකු ලැබි ඇත්තේ මෙවන් පසුබිමක් තුලය. වාර්තා වන අන්දමට පලාත් අධ්‍යක්ෂකධුරයක් වෙනුවෙන් වු සුදුසුමක්මද සහිත ඔහුගේ සේවය මිගමුව රෝහලට මේ අවස්ථාවේදි ඉතාමත් වැදගත්ය.දැනට රෝහලට තවත් දියුණුව කරා ගෙන යාමේදිම මෙන්ම රෝහලට ලැබිය යුතුව ඇති අත්‍යවශ්‍ය සම්පත් කඩිනමින් ලබාගැනිමටද නව අධ්‍යක්ෂකවරයාට ඇති මේ ඉහල හැකියාවන් වඩාත් ප්‍රයෝනවත් වනු ඇත.
දැනටමත් කරගෙන යන වැඩකටයුතු තවත් විධිමත් කරමින් සාමුහිකත්වය තුල පවතින සියලු අභියෝග ජයගනිමින් කටයුතු කරගෙන යාමට අලුතින් පත්ව ආ මිගමු රෝහලේ නව අධ්‍යක්ෂකතුමාට හැකිවෙතැයි අපගේ විශ්වාසයයි.එමෙන්ම හිටුප අධ්‍යක්ෂකතුමිය විසින් සියධුර කාලය තුල කරන්නට යෙදුන දායකත්වය ඉතා ඉහලින් අගය කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article