මීගමුව රෝහලේ ඇස් පෙන්වන තැනට ඇස් නොපෙනීම….

0
715

 

මීගමුව රෝහලේ අක්ෂි සායනය සඳහා නිතර විශාල ජනතාවක් පැමිණෙති. එසේ පැමිණෙන අය පාන්දර සිට නොම්මරයක් රැගෙන තමන්ගේ දෑස පෙන්වා බෙහෙතක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඊට දැඩි වෙහෙසක් දරති.

අද ( 14 ) 8.40 ට පමණ මේ සෙනඟ අමතා එක් නිලධාරිනියක් කළ ප්‍රකාශයෙන් සියළු දෙනා කලබලයට පත්විය. ඇය කීවේ තව බලාහිටියත් අපට කරන්න දෙයක් නෑ. ඔයාලගෙ ඇස් බලන වැඩේට වැඩකරන සේවක පිරිස නැතිනිසා කිසිවක් කළ නොහැකි බවත්, ඒනිසා ඒ පිළිබඳව කටයතු කරන අහවල් නිලධාරීන්ට මේ ගැන කියන ලෙසත්ය. එවිට එකී ස්ථානයට ගිය පසු ඔවුන් ද තමන්ට කිසිවක් කළ නොහැකි බවත් රෝහලේ ලොකු සේවක හිඟයක් පවතින බවත් ප්‍රකාශ කරන ලදී.
නමුත් ජනතාවගේ දැඩි ඉල්ලීම නිසා පසුව ඔවුන්ගේම මැදිහත්වීමේ ප්‍රතිපලයක් ලෙස සේවකයන් කිහිප දෙනෙකුගේ සහාය ගත හැකිවිය.
මෙම ජනතා මැදිහත්වීම නොවන්නට එම රෝගීන්ට කිසිවක් කරකියා ගත නොහැකිව මුළු දවසම බලා සිට හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවනු ඇත.FB IMG 1763132161416FB IMG 1763132168219

මින් ගම්‍යවන කාරණය වන්නේ අද මෙවැනි ඕනෑම රාජ්‍ය ආයතනයක සේවය කරන නිලධාරීන් සහ පාලන අධිකාරිය ට හෝ රටේ දේශපාලන අධිකාරියට මේ ජනතා ප්‍රශ්ණ පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් නැති බවය.
එසේම අද ඕනෑම ආයතනයක ජනතා අවැසිතාවක් ඉටු කරගත හැක්කේ ජනතා අරගලයක් මගින්ය. එසේ නොවන්නේ නම් පුටු රත්කරන නිලධාරීහු තම නිලයේ බලය පෙන්වමින් සහ ජනතාව ගේ අසරණකම තම වාසියට හරවා ගනිමින් කටයතු කරන බව පෙන්වා දිය යුතුමය.

(සැම්සන් ඥානසිරි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here